තවත්
    මුල් පිටුවදේශීය පුවත්රජයේ වියදම් සීමා කිරීමට කැබිනට් තීන්දුවක්

    රජයේ වියදම් සීමා කිරීමට කැබිනට් තීන්දුවක්

    කොවිඩ් වසංගතය හමුවේ රටේ පවතින මූල්‍ය අර්බුධය යම් දුරකට සමනය කර ගැනීම සඳහා රජයේ වියදම් සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනෙට්ටුවට ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත වී ඇත.

    ඒ අනුව ඉදිරියේ දී රජයේ වියදම් දැඩි ලෙස සීමා වනු ඇත. ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කරුණු ඉදිරිපත් කරමින් රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති බව පෙන්වා දී තිබේ.

    දැනට තිබෙන තත්ත්වය අනුව මේ වසරේ පුනරාවර්තන වියදම් පියවාගැනිමට පවා එය ප්‍රමාණවත් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.

    මේ වසරට අදාළ පුනරාවර්තන වියදම රුපියල් කෝටි 2,69,400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇතත්, එන්නත්කරණය,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීම ,සහනාධාර දීම ඇතුළු කටයුතු හේතුවෙන් පුනරාවර්තන වියදම තවත් ඉහළ යාමට නියමිතය.

    රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති,මිලදී ගැනීම්,ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මෙයට පෙර මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට මෙයට පෙර දැනුම් දුන්නේය.

    පත්වීම් ලිපි නිකුත් නොකළ සේවක බඳවා ගැනීම් අත්හිටුවීම,සුභ සාධන ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය, අඩු ආදායම්ලාභින්ට පමණක් සහනාධාර සීමා කිරීම, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් සමාලෝචනය, චක්‍රිය ක්‍රමයකට කැඳවීමේ දී ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා කිරීම ඊට අදාළ යෝජනාවලින් කිහිපයකි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img