Home උණුසුම් පුවත් දිනේෂ් ප්‍රියන්තගෙන් පැරාඔලිම්පික්හිදී ලෝක වාර්තාවක්

දිනේෂ් ප්‍රියන්තගෙන් පැරාඔලිම්පික්හිදී ලෝක වාර්තාවක්

දිනේෂ් ප්‍රියන්තගෙන් පැරාඔලිම්පික්හිදී ලෝක වාර්තාවක්

මේ වනවිට ජපානයේ ටෝකියෝහිදී පැවැත්වෙන පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ (එෆ් 46) තරගයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාවක් පිහිටුුවා තිබේ.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එහිදී පළමු රන් පදක්කම දිනා ගෙන ඇත.

මෙහිදී මීටර් 67.79 කින් එෆ් 46 හෙල්ල විසිකිරීමේ නව ලෝක වාර්තාවක් ඔහු විසින් පිහිටුවීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සෙබළලෙක් වන ඔහු මෙරට යුද ගැටුම්වලදී වෙඩි වැදීම හේතුවෙන්  දණහිසෙන් පහළ අප්‍රාණික තත්ත්වය යටතේ ඔහු පැරා ඔලිම්පික් ක්‍රීඩා කරයි.

මෙයට පෙරත් අපේ රටට පැරා ඔලිම්පික් පදක්කම් රැසක් ලබා දුන්  අයෙක් වන අතර මෙවර කණ්ඩායම් නායකයා ද ඔහුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here