සතොස සහ සමූපකාර මගින් ලබන බදාදා සිට දුුඹුරු සීනි කිලෝවක් රුපියල් 130කට ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්න අලගියවන්න මහතා අද (29) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙරට මාසික සීනි පරිභෝජනය මෙට්‍රික්ටොන් 45,000කි. ඉන් මෙට්‍රික්ටොන් 23,000ක් ජනතාවගේ පරිභෝජනය බවත් ඉතිරිය වෙනත් අවශ්‍යතා සඳහා ය. ඒ අනුව මෙරට ජනතාවගේ දෛනික සීනි පරිභෝජනය මෙට්‍රික්ටොන් 1,500ක් කි.
“අද දිනයේදී තවත් ගබඩා 3ක් මුද්‍රා තැබීමකට කටයුතු කරලා තියෙනවා. ඒ ගබඩාවල සීනි මෙට්‍රික්ටොන් 600ක් තිබුණු බව වාර්තා වුණා. මේ ගබඩා 3ම සීදුව ප්‍රදේශයේ ගබඩා. ඊයේ ලැබුණු තොරතුරු නිසා මෙට්‍රික්ටොන් 4,800ක් සීනි සඟවාගෙන සිටි ගබඩාවට මුද්‍රා තැබුවා.” රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සීනි හිඟයක් රට තුළ මවාපාමින් කූඨ වෙළෙඳුන් සීනි කිලෝවක මිල රුපියල් 220ක් දක්වා ඉහළදමා ඇති පසුබිමක වත්තල, මාබෝල ප්‍රදේශයේ ගබඩාවක සීනි ටොන් 4,800ක් ගබඩාකර තිබියදී සොයාගැනීමට ඊයේ (28) හැකි මෙලෙස හැකිවූ බව අමාත්‍යවරයා කීය.