තවත්
    මුල් පිටුවCOVID'ටොසිලිසුමාබ්' ඖෂධයේ ගෝලීය හිඟයක්

    ‘ටොසිලිසුමාබ්’ ඖෂධයේ ගෝලීය හිඟයක්

    COVID-19 රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමත් සමඟ ටොසිලිසුමාබ් ලෙසද හැඳින්වෙන ඇක්ටෙම්රා නම් ඖෂධය ගෝලීය වශයෙන් හිඟයක් ඇති වී තිබේ.

    රූමැටොයිඩ් ආතරයිටිස් සහ දරුණු කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඖෂධය භාවිතා කරන බව පැවසේ.

    රෝහල් ගත කළ කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හදිසි භාවිතයට එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය විසින් ඇක්ටෙම්රා හෙවත් ටොසිලිසුමාබ් ඖෂධයට අවසරයක් ලබා දුන්නේය.

    මෙම මොනොක්ලෝනල් ප්‍රතිදේහ මඟින් රෝගීන් ආසාධ්‍ය තත්ත්වයට පත්කරවන දාහය ඇතිවීමේ තත්ත්වය සමනය කළ හැකි බව පැවසේ.

    පසුගිය සඳුදා සිට අමෙරිකාව තුළ මෙම ඖෂධය බරපතළ ලෙස හිඟතාවක් මතුව ඇති බව එරට වාර්තා පවසයි.

    ඇක්ටෙම්රා ඖෂධය නිපදවන ජෙනන්ටෙක් ආයතනයට එය ඉල්ලුමට ප්‍රමාණවත් වන පරිදි සැපයිය ‍නොහැකි බවට පවසා ඇත.

    එම සමාගම පසුගිය සතියේදී පැවසුවේ සති දෙකක් තුළ ඖෂධය සඳහා වූ ඉල්ලුම පූර්ව කොවිඩ් මට්ටමට වඩා 400% කට වඩා ඉහළ ගිය බවයි.

    පසුගිය බ්‍රහස්පතින්දා, ජෙනන්ටෙක් විසින් පාරිභෝගිකයින්ට දන්වා යවන ලද්දේ ‘ඉල්ලුම් කඩිනම් කිරීම සහ නිෂ්පාදන ධාරිතාව සහ සැපයුම හැකි සෑම විටම වැඩි කිරීම සඳහා හැකි ඉක්මනින් වැඩ කරන’ බවයි.

    කෙතරම් වැඩි කර සැපයුම ලබා දුන්නත් වසංගතය වර්තමාන වේගයෙන් පැවතුන හොත් ඉදිරි මාසවලදී අමතර මෙම සැපයුම් කඩින් කඩ හෝ හිඟතා මතුවේ යැයි ජෙනෙටෙක් අපේක්ෂා කරයි.

    කෝවිඩ් -19 ට ප්‍රතිකාර කිරීමට අවසර දී නැති ඇක්ටෙම්රා ඖෂධ්‍ය, රූමැටොයිඩ් ආතරයිටිස් සහ දරුණු කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පමණක් මෙම ඖෂධය භාවිතා කරන බව පැවසේ.

    දරුණු COVID-19 රෝගීන් සඳහා එක් ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ජුනි මාසයේදී මෙම ඖෂධය නිර්දේශ කළේය.

    පසුගිය 25 වැනිදා ශ්‍රී ලංකාවට සායනික ඔක්සිජන් සමග මෙම ඖෂධ තොගයක් ඉන්දීය පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img