fbpx
තවත්
    මුල් පිටුවඉතිහාසයඅහස් ඉම තෙක් සීමා නොදුටු පොප් රජු - මයිකල් ජැක්සන්

    අහස් ඉම තෙක් සීමා නොදුටු පොප් රජු – මයිකල් ජැක්සන්

    සංගීත ඉතිහාසයේ සාර්ථක මෙන්ම ජනප්‍රිය ඉදිරිපත් කිරීමේ ශිල්පියකු වූ ජැක්සන් සිය සංගීත දිවිය ආරම්භ කලේ කුඩා කල සිටමය. 1971 දී පළමුවරට සංගීත ශිල්පියකු ලෙස තම ඉදිරිපත් කිරීම් ආරම්භ කරන්නට මත්තෙන් ඔහුගේ සහෝදරයන් සමඟ “ජැක්සන් 5” නම් කණ්ඩායමක් සකසා ගෙන ඉදිරිපත් කිරීම් සිදු කලේය . “ජැක්සන් 5” කණ්ඩායම එවකට අතිශය ජනප්‍රිය වූ “ABC” සහ ”I’ll Be There” වැනි ගීත වලට උරුමකම් කීය.

    1979 දී වාණිජමය වශයෙන් සාර්ථක වූ “Off the Wall” ඇල්බමය නිකුත් කිරීමෙන් පසු ඔහු 1982 දී “Thriller” නමින් තවත් ඇල්බමයක් නිකුත් කළ අතර එහි පිටපත් මිලියන 65 කට වඩා අලෙවි වූ ලොව හොඳම අලෙවියෙන් යුත් ඇල්බමය බවට පත් විය. මයිකල් ජැක්සන්ගේ Thriller ඇල්බමය “Billie Jean”, “Beat It” වැනි අතිශය ජනාදරයට පත් ගීත වලින් සමන්විත විය. සංගීතය, ගායනය සහ රගදැකවීම යන ක්ෂේත්‍ර 3ම සම්මිශ්‍රණය කර සජීවී ප්‍රාසාංගික කලාව නවමු මානයකට ගෙන ගිය මයිකල් ජැක්සන් තම සංගීත වීඩියෝ වලින් ප්‍රසිද්ධියට පත්ව 1980 ගණන් වලදී පොප් සංගීතය ආධිපත්‍යය දැරීය; “Bad” (1987) සහ “Dangerous” (1991) යනු ඔහුගේ තවත් සාර්ථක ඇල්බමයන් කිහිපයකිත. ග්‍රැමී සම්මාන 13 ක ජයග්‍රාහකයා වූ ජැක්සන් සිය ගීත මිලියන 350 කට වඩා අලෙවි කළ අතර ඉතිහාසයේ වඩාත්ම බලගතු සංගීත ශිල්පියකු ලෙසින් සියල්ලන්ගේම ආදරයට පාත්‍ර විය.

    Michael Jackson, leaving the Santa Barbara County courthouse during his 2005 criminal trial.

    ජැක්සන්ගේ අසංවිධිත පෞද්ගලික ජීවිතය ඔහුගේ වෘත්තීය ජීවිතයේ අවසාන භාගයේ මතුවූ යම් යම් ගැටලු වලට හේතුවක් විය. ඔහුගේ මූල්‍ය ගැටලු, පෙනුම වෙනස් වීම සහ සාමාන්‍ය හැසිරීම යනාදිය මයිකල් ජැක්සන් යන කීර්ති නාමයට යම් ප්‍රශ්නාර්ථයක් එක් කලේය. 1990 සහ 2000 ගණන් වලදී ඔහුට ළමා ලිංගික අපයෝජන චෝදනාවක් එල්ල වූ අතර එම චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කළ අතර පසුව නිදොස් කොට නිදහස් කරන ලදී. මෙම ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවෙන් පසු ජැක්සන් 2009 දී ඔහු නැවත ක්ෂේත්‍රයට පැමිණීමේ ප්‍රසංග මාලාවක් “This is it” නමින් නිවේදනය කළේය. නමුත් එම ප්‍රසංග පැවැත්වීමට පෙර, ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා විසින් නියම කරන ලද කරන ලද ප්‍රොපොෆෝල් නැමති ඖෂධය අධිමාත්‍රාවක් නිසා හෘදයාබාධයකින් 50 හැවිරිදි මයිකල් ජැක්සන් නැමති ඒ මහා ශිල්පියා සදහටම නිහඩ විය. ඔහුගේ මරණය ලොව පුරාම ශෝකයක් ගෙන දුන් අදටත් ඔහුගේ අනුගාමිකයින් ඇතුලු පොප් සංගීතයට ආදරය කරන නොකරන සියලු දෙනාගේ හදවත් තුල මයිකල් ජැක්සන් යන නාමය ජීවමානය.

    පොප් සන්ගීත කලාවේ රජු ලෙස කිරුළු පැළදි මයිකල් ජැක්සන් උපත ලැබුවේ 1958 අගෝස්තු 29 දිනයි
    පොප් සන්ගීත කලාවේ රජු ලෙස කිරුළු පැළදි මයිකල් ජැක්සන් උපත ලැබුවේ 1958 අගෝස්තු 29 දිනයි

     

    රුසිර සත්නිඳු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.