තවත්
    මුල් පිටුවCOVIDපාතාලයේ පොට්ට නෞෆර් පෝරකේට පෙර කොරෝනාවෙන් මරුට

    පාතාලයේ පොට්ට නෞෆර් පෝරකේට පෙර කොරෝනාවෙන් මරුට

    මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී බන්ධනාගාරගතව සිටි මෙරට අංක එකේ පාතාල කල්ලි නායකයෙක් වන මොහොමඩ් නෞෆර් නොහොත් පොට්ට නෞෆර් කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත.

    බූස්ස බන්ධනාගාරයේ රදවා සිටි ඔහු කොවිඩ් ආසාදිතව වැලිකඩ බන්ධනාගාර රෝහලට පසුගිය දා රැගෙන විත් තිබේ.

    වකුගඩු රෝගී තත්වයකින්ද පෙළෙමින් සිටි පොට්ට නෞෆර් ඒ වෙනුවෙන් රුධිර පාරවිලේනය කරන බව සදහන්ය. කොවිඩ් රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව පසුව හෝමාගම රෝහලට ඇතුලත්කර ඇති අතර පසුව ඔහුව නැවතත් බන්ධනාගාර රෝහලට රැගෙන පැමිණි පසු අද සවස මියගොස් ඇතැයි බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.

    මෙරට පාතාලයේ ආරම්භක සාමාජිකයෙක් ලෙස සැලකෙන ඔහුට එකල දේශපාලනයේත් පොලීසියේ ඉහළ නිලධාරීන්ගේත් අනුග්‍රහය ලැබී තිබුණු බව ප්‍රසිද්ධය. පොට්ට නෞෆර්ට එරෙහිව මහාධිකරණයේ පැවැති නඩුවක් සම්බන්ධයෙන් ඔහුට වාසි සහගත ලෙස තීන්දුවක් ලබා නොදීම හේතුවෙන් මහාධිකරණ සරත් අඹේපිටිය විනිසුරුවරයා ඝාතනය කළ බව එකල විමර්ශන වලින් අනාවරණය විය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img