Home special පැන්සල් තුඩක නිමැවුණු අවුකන පිළිමය

පැන්සල් තුඩක නිමැවුණු අවුකන පිළිමය

1
පැන්සල් තුඩක නිමැවුණු අවුකන පිළිමය

පැන්සල් තුඩක් මත නිර්මාණ කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ නිසා ම මෙවැනි කලා මාධ්‍ය යක් තෝරා ගන්නා ශිල්පීන් ලෝකයේ දුර්ලභය.

ලොකුලියනගේ දයානන්ද මහතා ශ්‍රී ලංකාවේ නම ලෝකය හමුවට ගෙනයාමට උත්සහ දරන මයික්‍රෝ ආට් ( ක්‍ෂුද්‍ර කලා) ශිල්පියෙකි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ වැදගත් නිර්මාණ පැන්සල් තුඩ මත නිර්මාණය කිරමින් දයානන්ද මහතා කලාකරුවෙකු ලෙස නව ගමනක් ඇරඹූවෙකි.

සමාජ මාධ්‍යයෙන්ම දැන හැඳිනගත් ලෝකයේ මයික්‍රෝ කලාකරුවන් සමඟ සබඳතා තබා ගනිම්න් මෙම කලාවේ නව මානයන් සොයායන දයානන්ද මහතා මීට පෙර සංචාරක කර්මාන්තයට සම්බන්ධව සිටියේය.

දයානන්ද මහතාගේ අලුත්ම නිර්මාණය පැන්සල් තුඩක් මත නිමැවුණු අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුවකි. මෙහි උස සෙන්ටිමීටරයක් තරම් කුඩාය. එහි විශ්කම්භය සෙන්ටිමීටර් 0.35 තරම් කුඩාය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here