Home දේශීය පුවත් කඩවත නිවසක අඹුසැමි යුවලක් අබිරහස් ලෙස ගිිනිගෙන මරුට

කඩවත නිවසක අඹුසැමි යුවලක් අබිරහස් ලෙස ගිිනිගෙන මරුට

0
කඩවත නිවසක අඹුසැමි යුවලක් අබිරහස් ලෙස ගිිනිගෙන මරුට

කඩවත ඇල්දෙණියේ නිවසක පදිංචි අඹු සැමි යුවලක් අද (28) අලුයම ගිනි ගැනීමකින් මිය ගොස් තිබේ.

මෙම අඹු සැමි යුවල වයස අවුරුදු 53 සහ 57 යන වයස්වල පසුවන්නන්ය. ඔවුන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

දෙමහල් නිවසක ඉහළ මහලේ කාමරයක් තුළ මෙම යුවල ගිනි ගැනීමෙන් මිය ගොස් ඇති අතර පහළ මහලේ ඔහුගේ දරුවෙක් සිටින බව පොලීසිය කියයි.

ගිනි ගැනීම සිදුවන විට ඉහළ මහලේ මෙම යුවල සිටි කාමරය ඇතුලතින් අගුල් දමා තිබී ඇත.

ගිනි ගැනීමෙන් මිය ගිය සැමියා අද අලුයම් කාලයේ ඔහුගේ ඥාති නිවසකටද ගොස් එම ඥාතියා අතට රුපියල් ලක්ෂ 04 ක මුදලක් ලබාදී “උඹල මේක තියාගෙන හොදින් ජීවත් වෙයල්ලා. දැන්මම මංගැන හොයන්න එපා” යැයි සදහන් කර නැවත නිවස බලා ගොස් ඇති බවට තොරතුරුද විමර්ශන වලින් අනාවරණය වී ඇත. ගිනි ගැනීම සිදුව ඇත්තේ ඊට පසුව බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

මෙම ගිනි ගැනීම හා මරණ සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට පොලීසිය කරුණු දක්වා ඇත. කැලණිය කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here