Home උණුසුම් පුවත් “තවදුරටත් රටවහගෙන දුවන්න බෑ” – මුදල් රාජ්‍ය ඇමති

“තවදුරටත් රටවහගෙන දුවන්න බෑ” – මුදල් රාජ්‍ය ඇමති

“තවදුරටත් රටවහගෙන දුවන්න බෑ” – මුදල් රාජ්‍ය ඇමති

තවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට කිසිසේත් ඔරොත්තු නොදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

රටවැසීම මගින් සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ලක්ෂ 45කට ඇතිවෙන පීඩාව තවදුරටත් දරාගත නොහැකි බව හෙතෙම අවධාරණය කරයි.

දැඩිි සෞඛ්‍ය සීමා සහිතව රට විවෘතව පවත්වා නොගතහොත් ඉන් සිදුවන දිගුකාලීන බලපෑම සුළුපටු නොවන බව ඔහු අවධාරණය කරයි.

“තවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැ. ජනගහනයෙන් අඩකට මේ අගුළු දැමීමේ විපාක වලට මුහුණ දෙන්නට බැහැ. සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ලක්ෂ 45කට මෙයින් ඇතිවෙන පීඩාව තවදුරටත් දරාගන්නට බැහැ.

රටේ සාර්ව ආර්ථික සාධක කම්පාවට පත් වෙනවා. දිගුකාලීන ආර්ථික හානිය දැවැන්තයි. දැඩි සෞඛ්‍යය රීති ක්‍රියාත්මක කරනවාත් සමඟම, රට විවෘතව තිබිය යුතුයි. රාජකාරි, ව්‍යාපාරික සහ අනිකුත් කටයුතු අඛණ්ඩව සිදුවිය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here