Home COVID ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

රට තුළ දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, මෙම තීරණය ගෙන ඇත.

මෙරට පුරවැසියන් ඇඳිරි නීතිය නොසලකා හරිමින් කටයුතු කරන බවට නිරීක්‍ෂණය වීම නිසා, ඇඳිරි නීතිය නිසිපරිදි ක්‍රියාත්මක වීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් යාම, නිවසේ සිට වැඩ කිරීම සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා නැවත නැවතත් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනතාවට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here