Home COVID දෙසැම්බරයට පෙර 18න් ඉහළ හැමෝම එන්නත් කිරීමට සැලසුම්

දෙසැම්බරයට පෙර 18න් ඉහළ හැමෝම එන්නත් කිරීමට සැලසුම්

දෙසැම්බරයට පෙර 18න් ඉහළ හැමෝම එන්නත් කිරීමට සැලසුම්

අංජනා මල්ලවාරච්චි

මේ වසරේ නොවැම්බර් මස අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18න් ඉහල සියලු පුරවැසියන්ට එන්නත් ලබාදීමට හැකිවනු ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

සැප්තැම්බර් මස මැද වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු පුරවැසියන්ට එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් කිරීමට නියමිත බවද ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේස් ගරිදෝ මහතා සමඟ අද පෙරවරුවේ පැවැති හමුවක දී සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට පුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසුව තුන්වන එන්නතක් පිළිබඳවද අවධානය යොමු කරන බව සෞඛ්‍ය ඇමැතිවරයා එහිදී කියුබානු තානාපතිවරයාට පැවසීය.

ලොව ඉතා ඉහළ මට්ටමක පවතින කියුබානු සෞඛ්‍ය සේවාවේ අත්දැකීම් දැනුම සහ තාක්ෂණය මෙරටට ලබා දීමේ හුවමාරු වැඩසටහනක් සඳහා අවස්ථාව ලබා දෙන බවද එහිදී අමාත්‍යවරයා කියුබානු තානාපතිවරයා වෙත කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here