Home උණුසුම් පුවත් “කොවිඩ් පාලනයට එකම මඟ රට ලොක්ඩවුන් කිරීම පමණයි” – රනිල්

“කොවිඩ් පාලනයට එකම මඟ රට ලොක්ඩවුන් කිරීම පමණයි” – රනිල්

0
“කොවිඩ් පාලනයට එකම මඟ රට ලොක්ඩවුන් කිරීම පමණයි” – රනිල්

කොවිඩ් ආසාදනය වීම් සීග්‍රයෙන් පැතිරයෑම සහ අලුත් රෝගීන් ඇතිවීම නවතා ගැනීමට නම් දැනට ඇති එකම මාර්ගය රට අගුළු දැමීම බව හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ද වන එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කරනු ලැබුවේ රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අද මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිණි.

“කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යාලේඛනවලත් ගැටලු මතු වෙලා. ප්‍රමාද වී වාර්තා වුණු ආසාදිතයන් පිරිසක් පසුගියදා සංඛ්‍යා ලේඛනවලට එකවරම එකතු කළා. කොවිඩ් ආසාදනයවීම සීග්‍රයෙන් පැතිරයෑම නවතා ගත යුතුයි. අලුත් රෝගීන් ඇතිවීම නවත්වා ගැනීමට දැනට තිබෙන එකම මාර්ගය රට අගුළුදැමීම නොහොත් ලොක්ඩවුන් කිරීමයි. රජය මේ වනවිට දින 10ට රට වසා දමා තිබෙනවා. වෛද්‍ය උපදෙස් අනුව එය ප්‍රමාණවත් නෑ. අපේ සැබෑ පරමාර්ථය ඉටු කරගන්න නම් තව සතියක් දෙකක් රට වසා දැමීමකට යා යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේදී මෙම කාරණය ගැන වගකිවයුතු පාර්ශ්වයන් යළියළිත් සිතිය යුතුයැයි මම අවධාරණය කරනවා” යැයිද රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

“රජය දින 10ට රට වසා දැමීමට ගත් තීරණයට අපේ සම්පූර්ණ සහාය හිමිවෙනවා. මෙතනදී තවත් පැත්තකින් ආර්ථික හානිය ගැනත් සිතාබැලිය යුතුයි. එතනදී ලොක්ඩවුන් එකකදී වන ආර්ථික හානියට වඩා ලොක්ඩවුන් එකක් නොමැති තත්ත්වයේ දී රටට වන ආර්ථික හානිය වැඩි බව පැහැදිලියි,” යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

” මේ ආර්ථික ගැටලුව විසඳාගන්න අපට තිබෙන එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුල හෙවත් IMF සමඟ සාකච්ඡා කිරීමයි. ආර්ථික සහාය එතනින් අපට ලබාගත හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ් අර්බුදයෙන් ඉදිරියට එන්න ඩොලර් කෝටි 72 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි. එම නිසා ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට මම යෝජනා කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසයි, ඒ වෙනුවෙන් රටවාසීන් සියලුදෙනාගේ සහාය ලැබෙනු ඇතැයි ද මම තරයේ විශ්වාස කරනවා.” යැයිද රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here