Home COVID කොවිඩ් ගැන බොරු දැමූ youtube වීඩියෝ මිලියනයක් ඉවතට

කොවිඩ් ගැන බොරු දැමූ youtube වීඩියෝ මිලියනයක් ඉවතට

කොවිඩ් ගැන බොරු දැමූ youtube වීඩියෝ මිලියනයක් ඉවතට

කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම “භයානක කොරෝනා වයිරසය පිළිබඳ වැරදි තොරතුරු” සහිත වීඩියෝ මිලියනයකට වඩා ඉවත් කළ බව යූටියුබ් සමාගම පවසයි.

මෙම වෛරසය සහ අනෙකුත් මාතෘකා පිළිබඳව අසත්‍ය හා හානිකර වැරදි තොරතුරු ව්‍යාප්ත වීම වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් දේශපාලන නායකයින්ගෙන් යූටියුබ් සමාජ මාධ්‍යයට දැඩි විවේචන එල්ල වී ඇත.

යූ ටියුබ් බ්ලොග් සටහනක සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථාන සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළුව “සෞඛ්‍ය සංවිධානවල විශේෂඥයන්ගේ එකඟතාව” මත මෙම පියවර ගත් බවය. නමුත් සමහර කරුණුවලදී නව කරුණු මතු වන විට පෙර කරුණු සාවද්‍ය වියහැකි බැවින් “වැරදි තොරතුරු යන්නෙහි සීමාව පැහැදිලි නොවන බව”ද අදහස් පළවේ.

2020 පෙබරවාරි මාසයේ සිට, කොවිඩ් පිළිබඳ ව්‍යාජ ප්‍රතිකාර හෝ ප්‍රෝඩාකාරී දේ කියාපෑම වැනි කොරෝනා වයිරස් තොරතුරුවලට සම්බන්ධ වීඩියෝ මිලියනයකට වඩා ඉවත් කළ බව යූටියුබ් සමාගම පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here