Home උණුසුම් පුවත් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

0
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජයේ තවමත් ඇත්තේ දැවැන්ත කථාබහකි. ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන්ට යුක්තිය ඉල්ලා කතෝලික ජන සමාජයේ මෙරට නායකයා ලෙස සැළකෙන මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිරන්තරයෙන් හඩ නගති. එම ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශන ගැන උන්වහන්සේ සෑහීමකට පත්වන බවක් පෙනෙන්නට නැත. එසේම උන්වහන්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම ක්‍රියාත්මකව පැවැතියදී ඊට මුලින්ම සිය සතුට පළකලේය. එසේම පසුකාලයේ දොස් නැගූහ. නැවතත් කොමිසම කෙරෙහි විශ්වාසයක් ඇතැයි කීහ. අවසානයේදී කොමිසන් සභා වාර්තාව නිකුත් වීමත් සමග උන්වහන්සේට ඒ සම්බන්ධයෙන්ද ගුණ දොස් බොහෝය. පාස්කු විමර්ශන අරභයා කතෝලික පල්ලිය පසුගිය දා කලු කොඩි ඔසවා විරෝධයක්ද දැක්වූයේය. නිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නිසි පියවර නොගත්තේ යැයි පාස්කු කොමිසමෙන් චෝදනා එල්ලවී සිටින පොලීසියේ ඉහළ නිලධාරීන් පෙරටුකරගත් නිලධාරීන් 30 කට ආසන්න පිරිසක් කොවිඩ් අස්සේ අපේ රටේ මහනායක හිමිවරු මුණ ගැසී තමන්ගේ දුක කියන්නේද මේ අතරතුරදීය. ඉන් නොනැවතුනු එම නිලධාරීන් අනුරාධපුරයටද ගොස් තවත් නායක හිමිවරුන් කිහිප නමක්ද මුණ ගැසී තමන්ට එල්ලවන චෝදනාවලින් ගලවා ගැනීමට රජයට කරුණු දැක්වීමක් කරන්නැයි ඉල්ලීම් කරන්නට විය.

මාධ්‍ය හමුවේ නිතර නොදකින ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන වල තත්වය මෙන්ම විවිධ පාර්ශව වලට ඒ සම්බන්ධයෙන් ඇතිවී ඇති පැනයන්ට පිළිතුරු දෙමින් විශේෂ ප්‍රකාශයක් මාධ්‍යට නිකුත් කරන්නේ මේ අතරය. පොලිස් මූලස්ථානයේ පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී අද පෙරවරුවේදී එම ප්‍රකාශය පටිගත කරන්නේ පාස්කු විමර්ශනය සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසාන අධික්ෂකයා මෙන්ම පොලිස්පතිවරයා වශයෙනි. ශ්‍රී ලංකා පොලීසියේ එතෙක් මෙතෙක් මුල් පුටුවට පැමිණි නිහඩම චරිතයක් වන සී.ඩී. වික්‍රමරත්න මහතා පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් සතියකට පසු මෙරට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්වූ මොහොතේ සිට මෙතෙක් මාධ්‍ය ඉදිරියට පැමිණ ඇත්තේ නම් ඒ දෙතුන් වතාවක් පමණි.

මේ ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පවතින විමර්ශන තත්වයන් ගැන කී කථාවය.

[embedyt] https://www.youtube.com/watch?v=VcRanc_Dfg4[/embedyt]

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here