කොවිඩ් වසංගතය හේතුවෙන් නිවාසවල නිරෝධායනයට ලක්ව සිටින පවුල් සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 10,000 ක බඩු මල්ල මින් ඉදිරියට අඩු ආදායම් පවුල් සඳහා පමණක් ගෙවීමට රජය තීරණය කරයි.
පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇත.
උද්ගතවී ඇති කොවිඩ් වසංගතයේ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පවුල්වලට සහ නිරෝධායනයට යොමුකළ පවුල්වලට සහන සැලසීම උදෙසා මෙම බඩුමල්ල ලබාදීමට මීට පෙර රජය පියවර ගෙන තිබුණි.
මෙම චක්‍රලේඛ විධිවිධාන කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සම ලේකම් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.
පසුගිය වසර එක භමාරක පමණ කාලය තුළ නිරෝධායනය වූ පවුල් 80370 කට අත්‍යවශ්‍ය අභාරද්‍රව්‍ය ඇතුළත් රුපියල් 10000ක ආහාර සලාකය දීම සඳහා වැයචී ඇති මුදල රුපියල් මිලියන 698කි.
ඊට අමතරව චිවිධ අවස්ථාවලදී හුදෙකලා කළ ප්‍රදේශවල ජිවත්වූ පවුල් 303491කට රුපියල් 5000ක චටිනාකමින් යුක්ත අතාාවශ්‍ය භාණ්ඩ සහිත මල්ලක් ලබාදීම සඳහා රුපියල් මිලියන 1550ක් වැයචී තිබේ.
ජීවනෝපාය අහිමි වූ පවුල් ලක්ෂ 03කට රුපියල් 2000 දිමනාව දැන් ගෙවනු ලැබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 137475ක් රුපියල් 2000 දිමනාව සඳහා සුදුසුකම් ලැබ සිටිති.
මුදල් බෙදාදීම අද ආරම්භ කෙරිණි. නිරෝධානය වූ සහ හුදෙකලා කර තිබූ ප්‍රදේශවල ජනතාවට රුපියල් 10000 සභ 5000 අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් මිලියන 302ක් වැය විය.
අඩු ආදායම්ලාභි පවුල් 97043කට රුපියල් 5000 දිමනාව ලබාදී ඇත. ඒ සඳහා වෙන්කළ මුදල රුපියල් මිලියන 466කි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ම ආචරණය වන පරිදි සීමිත පිරිසකට භාණ්ඩ බෙදාහැරීම සඳහා බලපත්‍ර ලබාදුන් බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.
දිස්ත්‍රික්කය ඇතුළත සහ පිටත ප්‍රදේශවල වෙළෙඳාම් කිරීම සඳහා බලපත්‍ර 1154ක් නිකුත් කර තිබේ. දිස්ත්‍රික්කය තුළ මුළු ජනගහනයෙන් සියයට 97.5 කට කොචිඩ් මර්දන පළමු මාත්‍රාව දී ඇති අතර දෙවන මාත්‍රාව දී සංඛ්‍යාව සියයට 40.7කි. කොචිඞ් එන්නත ලබානොගන් වයස අවුරුදු 60ට වැඩි
පුද්ගලයන් 14000ක් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එන්නතන්දීම මේ දිනවල සිදුකරයි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් සිටයට 95කට කොචිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බවත් දිස්ක්‍රිකයේ ප්‍රදේශ 67ක එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය. හඳුනාගෙන ඇති, ජීවනෝපාය අභිමිචුවන්ට රුපියල් 2000 දිමනාව ලබාදිම ආරම්භ කර තිබේ. දිස්ත්‍රික්කය තුළ ජංගම වෙළෙඳාම සඳූහා බලපත්‍ර ලබාදීම සීමා කර ඇති අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව ජනතාව වෙන සැපයීම සඳහා වෙළඳ සමාගම් සමග එක්ව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.
බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළ පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක ජීවත්වන ජීවනෝපාය අහිමිවූ පවුල් 99466ක් සඳහා රුපියල් 2000 දිම ඊයේ (23) ආරම්භ කෙරිණි.
නිරෝධායනය කර තිබූ පවුල් 19654කට රුපියල් 10000ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීම සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන196කි. හුදෙකලා කර තිබූ ප්‍රදේශවල පවුල් 2401ක් සඳහා රුපියල් 5000ක ආභාරද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් මිලියන 12ක් චැය කර ඇති අතර අඩුආදායම්ලාභී පවුල් 582969ක් සඳහා රුපියල් 5000 දිමනාව අවස්ථා 04කදී ලබාදී තිබේ. ඒ සඳහා වැයවූ මුදල රුපියල් මිලියන 2903කි.
මේ වචන විට බදුල්ල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 වැඩි කොචිඞ් එන්නත ගෙන නැති පුද්ගලයන් 16828ක් හඳුනාගෙන ඇත. ඔවුන්ට එන්නත්දීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපසීම සඳහා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය විවෘතව ඇති අතර ජංගම රථ ද යොදවා ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 66476කට රුපියල් 2000 දිමේ කටයුතු ආරම්භ කර තිබේ. චෙන්කර ඇති මුදල රුපියල් මිලියන 132කි. දිස්ත්‍රික්කයේ මුළු ජනගහනයෙන් සියයට 67කට කොවිඩ් එන්නන් පළමු මාත්‍රාව දි ඇති අතර වයස අවුරුදු 60 වැඩි එන්නන් ලබානොගත් | 1382 ක් සඳහා එන්නත් දීම ආරම්භ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රුපියල් 2000 දීම සඳහා තෝරාගෙන ඇති පවුල් සංඛ්‍යාව 91564කි. ඒ සඳහා රුපියල් මිලියන 183ක් වෙන්කර ඇත. නිරෝධානයන කර තිබූ පවුල් 15297ක් සඳහා රුපියල් 10000 සහ 5000 අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ඇතුළත් බඩුමලු ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 5 126ක් වැයවී තිබේ. වයස අවුරුදු 60ට වැඩි, කිසිදු කොචිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් හෝ නොගත් පුද්ගලයන් 13000ක් පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එන්නන්දීමේ කාර්ය කඩිනම් කර තිබෙන බව අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළාය.