Home COVID කොළඹ ජංගම වෙළඳුන්ට එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යයි

කොළඹ ජංගම වෙළඳුන්ට එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යයි

කොළඹ ජංගම වෙළඳුන්ට එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යයි

අංජනා මල්ලවාරච්චි

නිරෝධායන ඇඳිරිනීති සමය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළඳාම සිදුකළ හැකි වන්නේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෙළඳුන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළේය.

එන්නත් මාත්‍රා දෙකම ලබා නොගෙන කොළඹ දිස්ත්‍රික්කය තුල ජංගම වෙළඳාම කරන්නේ නම් එවැනි පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන ඇඳිරි නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

නිරෝධායන ඇඳිරිනීති සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව සැපයීම සඳහා මීගොඩ, නාරහෙන්පිට, රත්මලාන සහ බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන හතර විවෘතව තැබෙන බව ද ප්‍රදීප් යසරත්න මහතා කීය.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ආවරණය වන පරිදි ජංගම වෙළඳුන් 12294කට සහ තොග වෙළඳ සැල් 1489 කට ලියාපදිංචිය ලබා දී ඇති අතර ඔවුන්ට අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ බෙදා හැරීමට සහ විකිණීමට අවසර තිබෙන බවද යසරත්න මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here