Home COVID චීන හමුදාවෙන් මෙරට හමුදාවට කොවිඩ් එන්නත් තොගයක්

චීන හමුදාවෙන් මෙරට හමුදාවට කොවිඩ් එන්නත් තොගයක්

චීන හමුදාවෙන් මෙරට හමුදාවට කොවිඩ් එන්නත් තොගයක්

අංජනා මල්ලවආරච්චි

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා සිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පරිත්‍යාග කර තිබේ.

එම එන්නත් තොගය ලබන සෙනසුරාදා (28) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින හොඳ හිත වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා එම එන්නත් තොගය ලැබුණු බව යුද හමුදාපතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here