තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිනී ගොඩගැහෙන බවට බොරු ෆොටෝ FB දැමූ අයෙක් අත්අඩංගුවට

    මිනී ගොඩගැහෙන බවට බොරු ෆොටෝ FB දැමූ අයෙක් අත්අඩංගුවට

    කොවිඩ් ආසාදිතව මිය ගිය රෝගීන්ගේ මළ සිරුරු කළුබෝවිල රෝහලේ වාට්ටුවල තැන තැන දමා තිබෙන බවට ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ බව කියන පුද්ගලයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

    “මළ මිනී ගොඩ ගැසෙන්න පටන් අරන් අපට සරණක් නැද්ද “යනුවෙන් සදහන් කර එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

    එම ඡායාරූප විදේශරටක ඒවා බවත් දේශීය ඒවා ලෙස සකස්කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ පදිංචිකරුවෙක් වන නුවන් සාරංග පරණහේවා නැමැති 36 හැවරදි වියැති පුද්ගලයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    සැකකරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරිමින් ලබන 16 වෙනිදා පෙනී සිටින ලෙස නිරෝගකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img