තවත්
    මුල් පිටුවදේශීය පුවත්රටපුරා සිමෙන්ති හිඟයක්

    රටපුරා සිමෙන්ති හිඟයක්

    මේ වන විට රටපුරා දැඩි සිමෙන්ති හිඟයක් ඇතිවී තිබේ.

    මේ තත්ත්වය මත ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවියේ නිරතව සිටින ව්‍යාපරිකයන් සිමෙන්ති ඔවුන්ගේ දෛනික ගණුදෙනුකරුවන්ට පමණක් නිකුත් කිරීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව වෙළද පොළ නිරීක්ෂණයේදී පෙනී යයි.

    ඉදිකිරීම් කේෂත්‍රයට අත්‍යවශ්‍යම ද්‍රව්‍යක් වන සිමෙන්ති හිඟයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මේ වන විට රටේ පවතින කොවිඩ් වසන්ගත තත්ත්වය හේතුවෙන් දේශීයව සිමෙන්ති නිෂ්පාදනය කරන පුත්තලම හා ගාල්ල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය තරමක් පහත වැටී ඇති බැවින් සිමෙන්ති ආනයනයේදී විනිමය ගැටළු වලට ආනයනකරුවන් මුහුණ දී සිටීම බව ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා සදහන් කරයි.

    ඔහු සදහන්කරන ආකාරයට අනුව සිමෙන්ති අවශ්‍යතාවයෙන් සියයට 990 ක්ම ආනයනය කෙරන අතර විනිමය අනුපාත හේතුවෙන් ආනයනික වියදම් වැඩිවීම හේතුවෙන් සිමෙන්ති මිලෙහිද යම් ඉහළ යාමක් පවා දක්නට ඇති බවයි.

    කෙසේ වෙතත වෙළද පොළ නිරීක්ෂණයේදී පෙනී යන්නේ සිමෙන්ති කළුකඩ මිලටද මේ දිනවල අලෙවි වෙමින් ඇති බවය. පාරිභෝගිකයන් චෝදනා කරන්නේ සිමෙන්ති තොග සගවා වැඩි මිලට අලෙවි කිරීමේ ඡාවාරමක්ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img