රටක අධ්‍යාපනයේ දියුණුව සඳහා මෙන්ම බොහෝ අධ්‍යයනයන්හි පර්යේෂණ අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. බොහොමයක් අධ්‍යාපන උපාධි වැඩසටහන් තුළ පර්යේෂණ සඳහා ඉහළ අවධානයක් යොමු කර ඇත්තේ ශිෂ්‍යයාගේ පර්යේෂණ නිපුණතාව අත්‍යවශ්‍යයෙන්ම ඇගයීම සිදුකල යුතු නිසාත්, එමගින් අධ්‍යයනයේ ගුණාත්මක බව ඇගයෙන නිසාය. විද්‍යාත්මක සහ සමාජවිද්‍යාත්මක ප්‍රථම උපාධි (Bacholar degree) ගොඩ සිට ආචාර්ය උපාධි (Ph. D හෝ Doctoral Degrees) දක්වා සියලුම උපාධි සඳහා පර්යේෂණ කොටසක් අඩංගු කර ඇත්තේ මේ නිසාය.
පසුගිය වසර 21 හි විද්‍යාත්මක පර්යේෂණවල යෙදීමෙන් ලද අත්දැකීම් සහ පසුගිය වසර 7 තුළ, මගේ මිතුරන් ඇතුළු බොහොමයක් ශිෂ්‍යයන්ගේ පර්යේෂණ වල උපදෙස් ලබා දී SPSS මෘදුකාංගය ඇසුරින් ඔවුන්ගේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලද අත්දැකීම් ඇසුරින් මෙම ලිපිය ලිවීමට අදහස් කරමි.
බොහොමයක් අධ්‍යාපන කටයුතු සඳහා වූ පර්යේෂණවල ගුණාත්මකතාවය පිළිබඳව ප්‍රශ්න රාශියක් පවතී. එයට හේතු ලෙස පහත කාරණා මා හට දැක්විය හැක.
- බොහොමයක් ශිෂ්‍යයන් තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමේ අරමුණ සඳහා පමණක් පර්යේෂණය සිදු කරන අතර බොහෝමයක් එහි දත්ත සහ නිගමන සාවද්‍ය තොරතුරු වලින් ගහන වීම.
-
පර්යේෂණ ක්‍රමවේද සහ පර්යේෂණ සිදු කිරීමෙහි තිබිය යුතු ආචාර ධර්ම පිළිබඳව ශිෂ්‍යයන්ගේ දැනුමේ මදකම.
-
සංඛ්‍යානමය ක්‍රමවේද සහ පර්යේෂණ මූලධර්ම වල ඔවුන්ගේ දැනුම අවම වීම.
-
සමහර පර්යේෂණ සුපරීක්ෂකයන්ගේ (Research supervisors) දැනුමේ මදකම.
-
පර්යේෂණ සිදු කිරීමේ නිසි අරමුණු ගැන ගුරු හා ශිෂ්‍ය දෙපාර්ශවයේ දැනුවත්කමේ අඩුකම.
-
පර්යේෂණ සුපරීක්ෂයන් බොහෝ දුරට ගුණාත්මක පර්යේෂණ හෝ ප්‍රමාණාත්මක පර්යේෂණ වර්ග දෙකෙන් එකකට පමණක් කැමති වීම හෝ එක් වර්ගයක් සඳහා පමණක් දැනුවත් වීම.
-
පර්යේෂණ සුපරීක්ෂකවරයාගේ පෞද්ගලික මතවාද.
මේ හේතුව නිසා බොහෝමයක් පර්යේෂණ වල අපේක්ෂිත අරමුණු වලට ලඟා වීම නොහැකි වූ නොහැකි වී ඇති බව මා හට දැක ගත හැකි කාරණයකි.
සමහර ශිෂ්‍යයන් කාට හෝ දී තම පර්යේෂණය ලියා ගැනීමට කටයුතු කරති.
එහෙත් එයට හේතුව වන්නේ ඔවුන්ගේ කාර්ය බහුලතාවය, හෝ දැනුම අඩුකම විය හැක. මෙනිසා හොඳ දැනුමකින් යුතු සුපරීක්ෂක වරයෙකු හෝ මිතුරෙකු ගේ සහාය ලබාගෙන අධ්‍යයන පර්යේෂණයේ නියුතු විය යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි.
රටක් වශයෙන් අප ඉදිරියට යෑමට ගුණාත්මක භාවයෙන් යුතු පර්යේෂණ සිදු විය යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි. මෙමගින් රටේ දැනුම පද්ධතිය දියුණු වන අතරම, ජාත්‍යන්තර පර්යේෂණ සඟරා (International Research Journals) වල එම වැදගත් පර්යේෂණ පළකිරීම මගින් පර්යේෂකයාගේ ද, ශ්‍රී ලංකාවේ ද “නම” ලෝකයේ වෙත ගෙන යා හැක.
මේ සංවාදයට විවෘත වන අතර ඔබගේ අදහස ඉතාමත් ගරු කරමි.
මම
ආචාර්ය දිනෙත් සමරවික්‍රම.
PhD, MBA, Grad.Chem., M.I.Chem.C, Dip. Quality Mgt.
සමාජ විද්‍යාත්මක සහ විද්‍යාත්මක පර්යේෂක සහ ලේඛක.
Mobile: +94 714434779
Whats App: +94 713118943
Email: [email protected]
Twitter: @dinethiti