තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්ධන හිඟයක් ගැන බොරු කීවේ යැයි අත්අඩංගුවට ගත් ආනන්ද පාලිතට ඇප

    ඉන්ධන හිඟයක් ගැන බොරු කීවේ යැයි අත්අඩංගුවට ගත් ආනන්ද පාලිතට ඇප

    රට තුළ තුල ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සජබට සම්බන්ධ ඛනිජතෙල් සංස්ථා සේවක සංගමයේ නායකයෙක් වන ආනන්ද පාලිත මහතා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (21) නියෝග කළාය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඔහුව අධිකරණයට ඉදිරිපත්කරමින් සදහන් කරන්නේ ඉන්ධන හිඟයක් ගැන ප්‍රචාරයක් කරමින් ජනතාව නොමග යවා මහජන කැළඹීමක් ඇති කළේ යැයි සදහන් කරමිනි.

    ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික්ටොන් 65,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 32,000 පමණක් ඇතිබවත් එය දින 11ක තරම් කෙටි කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවත් සඳහන් කරමින් මෙම සැකකරු මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කර ඇති බව බව ද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    එම ප්‍රකාශය කළ ඉකුත් 19 වෙනිදා වන විට ඛනිජ තෙල් ලෙස සංස්ථාව සතුව පෙට්‍රල් මෙට්‍රිකටොන් 71,000ක් සහ ඩීසල් මෙට්‍රික්ටොන් 99,000ක් පැවැති බව විමර්ශන වලින් තහවුරු වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව අධිකරණයට කරුණු දක්වා තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img