තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්CIDයෙන් කියා ජාත්‍යන්තර පොලිස් ID හදන්න ආ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

    CIDයෙන් කියා ජාත්‍යන්තර පොලිස් ID හදන්න ආ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

    ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැදුණුම්පතක් සකස්කර ගැනීමට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ඊයේ පැමිණ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිට ඇත.

    එම පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක් බවත් කොළඹ 12 පදිංචි 23 හැවිරිදි අයෙක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    ජාත්‍යන්තර පොලිස් සංගම් ශ්‍රී ලංකා ශාඛාව පිහිටා ඇත්තේ ක්ෂ්‍රේත්‍ර බලකා මූලස්ථාන පරීශ්‍රය තුළය.

    ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී සැකකරු පරස්පර පිළිතුරු ලබාදෙන බැවින් ඉදිරි විමර්ශන සදහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේද සහය ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇත.

    ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැදුණුම්පත සකස් කිරීමට හැකියාව ඇත්තේ පොලිස් සේවයේ නිරතව සිටින ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජිකත්වය දරණ නිලධාරීන්ට පමණි.
    එම හැදුණුම්පත ඇතැති ඕනෑම පොලිස් නිලධාරියෙකුට ලෝකයේ ඕනෑම රටක සංචාරය කිරීමට පහසුවෙන් වීසා බලපත්‍ර ලබාගැනීමේ හැකියාවක් පවතී.

    එසේම ලෝකයේ ඕනෑම රටකදී යම් ගැටළුවකට මුහුණ පෑ විට ඒ ඒ රටවල පොලිස් ස්ථාන මගන් මෙම හැදුණුම්පත අතැති අය වෙනුවෙන් සේවාසෙැපයීමේදී ප්‍රමුඛතාව හිමිවන බව සදහන්ය.

    මෙවන් හැදුණුම්පතක් ලබා ගැනීමට පොලීසියේ නොවන පුද්ගලයෙක් උත්සහ දැරීම මෙන්ම එම පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක් වීම ගැන දැඩි සැකයක් ඇතිව තිබෙන බව ක්ෂේත්‍ර බලකා මූලස්ථානය සදහන් කරයි.

    එබැවින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා නාරාහේන්පිට පොලීසියට භාරදී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img