Home දේශීය පුවත් උණුසුම් පුවත් නිදහස් චතුරශ්‍රයේ දී මියගිය රජීව්ට වෙඩි තැබුවාදැයි සැකයක් ?

නිදහස් චතුරශ්‍රයේ දී මියගිය රජීව්ට වෙඩි තැබුවාදැයි සැකයක් ?

0
නිදහස් චතුරශ්‍රයේ දී මියගිය රජීව්ට වෙඩි තැබුවාදැයි සැකයක් ?

– බුද්ධි අංශ විමර්ශනයක් ඇරඹේ

කොළඹ නිදහස් චතුරශ්‍රයේ වෙඩි වැදුණු තුවාල සහිතව මියගොස් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යේෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කළ රජීව් ප්‍රකාශ් ජයවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනයක් අරඹා තිබේ.

බැලු බැල්මට මෙය සියදිවි නසාගැනීමක් ලෙස පෙනුණ ද එය ගැඹුරින් විමර්ශනය කිරීමේ දී වෙනත් සැකයක් මතුවීම ඊට හේතුවී ඇත.

ඔහු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජාතික පුවත්පතකට හා වෙබ් අඩවියකට නිදහස් ලේඛකයකු ලෙස ලිපි පළකර තිබේ.

ඉන් ඇතැම් ලිපි ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ එයාර්බස් ගනුදෙනු පිළිබඳ ලියා ඇති අතර ඔහු ද එම ගනුදෙනු සිදුකළ සමයේදී ඒ හා සම්බන්ධව රාජකාරි කර ඇති බව පෙනී ගොස් තිබේ.

ඔහු ආ ගිය තැන් හමුවූ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශනය කර ඇති මූලික පරීක්ෂාවේදී සැක මතුවීම නිසා මෙලෙස බුද්ධි අංශ පරීක්ෂණ අරඹා ඇත.

මොහු පහුගිය කාලය පුරා වැඩි වශයෙන් ආගමික කටයුතු, බණ භාවනා ආදියට නැඹුරු වී සිටි අයෙක් බව හෙළිවී ඇත.

මතුව ඇති කරුණු බොහොමයක් සළකා බලා මෙය සියදිවි නසාගැනීමක් විය නොහැකි බවට සැක මතුවී ඇති බැවින් දීර්ඝ ලෙස විමර්ශන සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here