තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතියක් රටටම අගුළුදායි?

    සතියක් රටටම අගුළුදායි?

    කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිරයාම පාලනය කිරීම සඳහා සතියක කාලයක් රටම අගුළු දැමීම සඳහා ජනාධිපති ගෝඨාභය‍ රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

    රට අගුළු දැමීමක දී අපහසුතාවයට පත්වන බහුතර ජනතාව සම්බන්ධයෙන් කිසිවෙකුත් අවධානය යොමු නොකර විරෝධතා පැවැත්වීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් සිය ජාතිය ඇමතීමේ කතාවේ දී ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

    කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ප්‍රතිකාර නොලබා රට අගුළු දැමීමකදී මියයන කොරෝනා නොවන පුද්ගලයන් විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීමට අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කටයුතු පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානයක් යොමුවනු ඇති බව සඳහන්ය.

    ආර්ථිකය පවත්වාගෙන යාම, රැකියා අර්බුධය සහ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද ඉදිරියේ දී සංශෝධන ඉදිරිපත් වීමට ඉඩ ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා දැනටමත් පළ වෙමින් තිබේ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අද එවැනි යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කර තිබිණි.

    ඒ අනුව මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීමට ද ඇහුම්කම් දෙමින් අද මධ්‍යම රාත්‍රියේ සිට සතියක කාලයක් රට අගුළු දැමීම සම්බන්ධයෙන් රජයේ ඉහළ අවධානයක් යොමු වී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img