Home උණුසුම් පුවත් මත්කුඩු-පාතාල ජාවාරම් කරන සිරකරුවන්ගේ වෙනම ලැයිස්තුවක් හදයි

මත්කුඩු-පාතාල ජාවාරම් කරන සිරකරුවන්ගේ වෙනම ලැයිස්තුවක් හදයි

0
මත්කුඩු-පාතාල ජාවාරම් කරන සිරකරුවන්ගේ වෙනම ලැයිස්තුවක් හදයි

බන්ධනාගාරගතව සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන පාතාල අපරාධකරුවන්ගේ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ලේඛනයක් බුද්ධි අංශ විසින් මේ දිනවල සකස්කරමින් සිටිති.

ඉහළ බලධාරීන්ගේ දැනුම්දීමකට අනුව එම ලැයිස්තුව සකස්කරන බව බුද්ධි අංශ තොරතුරු සදහන් කළේය.

එහිදී සුළු පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවන ජාවාරම්කරුවන්, මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවන ජාවාරම්කරුවන් ආදී වශයෙන් වෙන් වෙන්ව එම ලැයිස්තුව සකස් කෙරමින් පවතින බව සදහන්ය.

බන්ධනාගාරය තුළ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයින්ගේ බන්ධනාගාරයෙන් පිටත ඇති සම්බන්ධකම් ගැන මෙන්ම දේශපාලන සම්බන්ධකම් ගැනද බොහෝ තොරතුරු මේ වන විටත් බුද්ධි අංශ රැස්කරගෙන සිටින අතර අදාල වාර්තාව ඉදිරි දෙසතිය තුළ බලදාරීන් අතට පත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here