Home උණුසුම් පුවත් මහඡන්දෙන් ඉල්ලා අස්වූ මංගල-ඩෙනෙට්ගේ නම් ප්‍රතිඵල ලේඛනයටත්

මහඡන්දෙන් ඉල්ලා අස්වූ මංගල-ඩෙනෙට්ගේ නම් ප්‍රතිඵල ලේඛනයටත්

මහඡන්දෙන් ඉල්ලා අස්වූ මංගල-ඩෙනෙට්ගේ නම් ප්‍රතිඵල ලේඛනයටත්

නාමයෝජනා ගැසට් කොට මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු කිසියම් අපේක්ෂකයකු ඉල්ලා අස් වුවද ඔහුගේ නම ඉවත් නොවන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ලේඛනය තුළ, ඉල්ලා අස් වූ බව කියන අපේක්ෂකයාගේ නම සහ ඔහුට ලැබෙන ප්‍රතිඵල නියමිත පරිදි සටහන් වන බව කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙයි.

මහ මැතිවරණයට සමගි ජන බලවේගය පක්ෂයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා බාර දී සිටි මාතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය මංගල සමරවීර සහ එම පක්ෂයේම ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු වූ ඩෙනට් පනියන්දූවගේ යන මහත්වරුන් මහමැතිවරණ දිනය ප්‍රකාශහට පත්කිරීමෙන් පසුව ඡන්දයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here