Home COVID අසාධ්‍ය කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඔක්සිජන් ලීටර් 360,000 ක් ගේන්න තීරණය කෙරේ

අසාධ්‍ය කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඔක්සිජන් ලීටර් 360,000 ක් ගේන්න තීරණය කෙරේ

0
අසාධ්‍ය කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඔක්සිජන්  ලීටර් 360,000 ක් ගේන්න තීරණය කෙරේ

කොවිඩ් 19 වෛරසය ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය ඔක්සිජන් ලීටර් 360,000 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩල කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

අසාධ්‍ය කොවිඩ් – 19 රෝගීන් සඳහා ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සැපයුම තහවුරු කිරීම පිණිස ඔක්සිජන් ලීටර 120,000ක් මාසිකව ආනයනය කර ගබඩා කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

මේ වන විට පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් ප්‍රමාණවත් ඔක්සිජන් තොග රට තුළ ගබඩා කර තබා ගැනීමට හැකි වන පරිදි දැනට මාසිකව ආනයනය කරනු ලබන ඔක්සිජන් ලීටර 120,000ට අමතරව තවත් වෛද්‍ය ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here