Home COVID මෙරටින් ඩෙල්ටා විකෘති 3ක් හමුවෙලා

මෙරටින් ඩෙල්ටා විකෘති 3ක් හමුවෙලා

මෙරටින් ඩෙල්ටා විකෘති 3ක් හමුවෙලා

ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් ඇති කොරෝනා වසංගතයේ කොවිඩ්-19 වෛසරයේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන තිබේ.

අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ කරුණු දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව හෙළි කළේය.

ඇතැම් විට කොවිඩ් රෝගය පැතිර යෑම ඉහළ යෑමට එය හේතුවක් විය හැකි බවද චන්න ජයසුමන මහතා පැවැසීය.

SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කීය.

මීට පෙර පැවති ප්‍රභේදයන්ට වඩා මේ වනවිට පවතින ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බවද ඔහු කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here