Home දේශීය පුවත් ජනපති නියමයෙන් ඔක්සිජන් ගේන්න ශක්ති ඉන්දියාවට

ජනපති නියමයෙන් ඔක්සිජන් ගේන්න ශක්ති ඉන්දියාවට

0
ජනපති නියමයෙන් ඔක්සිජන් ගේන්න ශක්ති ඉන්දියාවට

මෙරට රෝහල් තුල කොවිඩි 19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරීතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව අද අළුයම (17) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් වූ බව නාවික හමුදාව සදහන් කරයි.

ඒ් සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

වසංගත තත්වය හමුවේ මෙරට රෝහල් තුල ඔක්සිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීම සදහා ඇනවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට රැගෙන ඒමේදී වරායන් තුල සිදු විය හැකි ප්‍රමාදවීම් වළක්වා ගැනීමේ අරමුණෙන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්න වෙත එම සායනික ඔක්සිජන් නාවික හමුදාව මගින් රැගෙන එන ලෙස උපදෙස් දෙන ලදි. ඒ අනුව, මෙරටට ඇණවුම් කරන ලද එම සායනික ඔක්සිජන් තොගය රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත මෙලෙස පිටත් කර හැරීමට නාවික හමුදාව විසින් අද අළුයම (17) කටයුතු කෙරිණි.

ඒ අනුව, ශක්ති නෞකාව 2021 අගෝස්තු 18 පස්වරුවේදී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ලඟා වීමට නියමිතව ඇත. තවද, මෙම සේවාව අවශ්‍යතාවය අනුව අඛණ්ඩව පවත්වාගෙන යාමට නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, රටේ ඇති වන ඕනෑම හදිසි තත්වයකදී සිය ශඛ්‍යතාවයන් කාර්‍යක්‍ෂමව සහ ඵලදායිව යොදවා අවශ්‍ය දායකත්වය ඉදිරියටත් නොපමාව ලබා දිමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here