තවත්
    මුල් පිටුවCOVIDමින් පෙර කිසිදිනෙක අත්නොවිඳි ප්‍රතිඵල රටට සිදුවේවි - විශේෂඥ වෛද්‍යවරු

    මින් පෙර කිසිදිනෙක අත්නොවිඳි ප්‍රතිඵල රටට සිදුවේවි – විශේෂඥ වෛද්‍යවරු

    අංජනා මල්ලවාරච්චි

    දැනටමත් පනවා ඇති සංචරණ සීමා ප්‍රමාණවත් නොවන හෙයින් ඉතා දැඩි සංචාරන සීමා පනවා covid ව්‍යාප්තිය වලකන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    ඉතා ඉක්මනින් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක නොකළහොත් අප විසින් මින් පෙර කිසිදාක අත් නොදුටු දරුණු ප්‍රතිඵල රටට අත්විඳීමට සිදුවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.

    සියලුම ආගමික නායකයින් සිවිල් සමාජ සංවිධාන මෙන්ම පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝගී නොවන්නට නම් තමන් ස්වයං සංචාරණ සීමා පනවා ගැනීම බව සභාපතිවරයා සඳහන් කළේය.

    කඩසාප්පු වෙළඳ ව්‍යාපාර වසා දැමීම, ජීවනෝපාය සපයා ගැනීමට බාධාවක් වුවද මේ අවස්ථාවේදී වඩා වැදගත් වන්නේ ජීවත්වීම බවද එම නිසා හොඳම විකල්පය ස්වයං ආරක්ෂණය බවද ලක්කුමාර මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img