තවත්
    මුල් පිටුවCOVIDරට වහන්න කියන අයගෙන් ලක්ෂයක්ම කොවිඩ් නොතකා විරෝධතාවලට ඇවිත්

    රට වහන්න කියන අයගෙන් ලක්ෂයක්ම කොවිඩ් නොතකා විරෝධතාවලට ඇවිත්

    මෙරට කොරෝනා වසංගත තත්ත්වය බෙහෙවින් උද්ගතව තිබියදී පවා ගෙවී ගිය මාස 3ක කාලය තුළදී දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති විසින් විරෝධතා 847ක් පවත්වා තිබේ.

    දින 90ක් වැනි කාලයකදී මෙලෙස පැවැත්වූ මහජන ඒකරාශීවීම් සඳහා පුද්ගලයන් අවම වශයෙන් 106648 ක පමණ පිරිසක් සහභාගි වී ඇත.

    ඉන් වැඩිම විරෝධතා සහ ඒකරාශීවීම් සංඛ්‍යාවක් පවත්වා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 77ක්, නුවරඑළිය 75ක්, කොළඹ 72ක් ආදි වශයෙනි.

    මෙම විරෝධතා පවත්වා තිබුණේ ප්‍රධාන වශයෙන්ම කරුණු
    පොහොර ගැටලුව, ඉන්ධන මිල ඉහළ දැමීම, කොතලාව පනත, ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව යන කරුණු සම්බන්ධවයි.

    ඉන් වැඩිම විරෝධතා සංඛ්‍යාවක් සංවිධාන කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් වන අතර එම සංඛ්‍යාව 230කි. ඉන්පසුව වෘත්තිය සමිති විසින් 220ක් ද ආදි වශයෙන් විරෝධතා පවත්වා ඇත. සමගි ජන බලවේගය විසින් ද විරෝධතා 185ක් රටපුරා පවත්වා තිබුණි.

    එලෙස පැවති විරෝධතාවලින් කිහිපයක්

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img