Home උණුසුම් පුවත් ඇලස්කා‍වේ ප්‍රබල භූ කම්පනයක්

ඇලස්කා‍වේ ප්‍රබල භූ කම්පනයක්

ඇලස්කා‍වේ ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකානු රාජ්‍යයක් වන ඇලස්කාවේ අද (14) අලුයම රික්ටර් මාපකයේ ඒකක 7.0 ක භූමිකම්පාවක් සිදුව තිබේ.

ඇලස්කාවේ භූමිකම්පාව කි.මී 10 ක් ගැඹුරට බලපෑ බව යුරෝපීය මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානයට පවසයි.

එරට වේලාවෙන් පාන්දර 4 ට පෙර චිග්නික්, කෝල්ඩ් බොක්, කොඩියැක් සහ බෙතෙල් ප්‍රදේශවලට මෙම කම්පනය දැනී ඇත.

එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මේ පිළිබඳ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

මීට සති දෙකකට පෙර ජූලි 28 දා ඇලස්කාවේ නිරිතදිග වෙරළ තීරයේ 8.2 ක භූමිකම්පාවක් සිදු වූ අතර එහිදී සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

වසර 50 කටත් වැඩි කාලයකදී එක්සත් ජනපදයට බලපෑ විශාලතම භූමිකම්පාව එය වූ නමුත් එහි දුරස්ථභාවය හේතුවෙන් විශාල හානියක් සිදු නොවූ අතර කිසිදු හානියක් සිදු වූ බවට වාර්තා නොවීය.

එක්සත් ජනපදයට සිදු වූ විශාලතම භූමිකම්පාව වන්නේ 1964 මාර්තු 27 වන දින ඇලස්කාවට බලපෑ 9.2 ක භූමිකම්පාව සහ සුනාමියයි. එහි සෙලවීම විනාඩි හතරකටත් වැඩි කාලයක් පැවති අතර සුනාමි රළ හේතුවෙන් කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශය දක්වා හානි සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here