දෛනිකව හදුනා ගන්නා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 5000 ඉක්මවා ගොස් ඇතිමුත් එම දත්තයන් වෙනස්කිරීමක් සිදුවෙමින් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළේය.
මෙම දත්ත වෙනස්කිරීම පිටුපස සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරියෙක් හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් බවට ඔහු එහිදී චෝදනා කළේය. යුද හමුදාපකිවරයාට අවශ්‍ය නම් මෙම පුද්ගලයින් කවුරුන්දැයි සොයා ගැනීමට හැකි බවද ඔහු පැවසුවේය.
කොවිඩ් මර්දන වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීමේ පරමාර්ථයෙන් මෙවැනි දෙයයක් සිදුවන බවට සැකපහළ කරමින් ජනපති පවා මේ තුළින් නොමඟ යන බවද මුසම්මිල් මහතා සදහන් කරයි.
මේ කරුණු සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි තමන් සතුව ඇති බවද මුසම්මිල් මහතා පවසයි. ඉකුත් 11 වෙනිදා වාර්තාවට අනුව සමස්ත පී.සී.ආර්.පරීක්ෂණවලින් පුද්ගලයින් 4175 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇති බවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 1239 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරුවී ඇති බවත් මුසම්මිල් මහතා අවධාරණය කරයි. එම දත්තයන්ට අනුව 11 වෙනිදා තහවුරුකරගත් කොවිඩ් ආසාදිතයන් ගණන 5414 ක් බව ඔහු සදහන් කළේය.
” එතොකොට මේකෙන් හරි පැහැදිලියි මේ දත්ත වෙනස් කිරීමේ, යම් කිසි උත්සාහයක්, වැඩ පිළිවෙලක්, යම් කණ්ඩායමක් විසින් කර ගෙන යනවා කියලා. මේ සිටුවේෂන් රිපෝට් හදන්නේ සීමිත පිරිසක්. ඒ වගේම මේ ලැබ්වලින් එන රිපෝට් යන්නෙත් බොහෝ ම සීමිත පිරිසක් අතරට. නමුත් මේ සිටුවේෂන් රිපෝට් ලැබ් රිපෝට් අරගෙන බැලුවොත් තේරෙයි අපි මේ ඉදිරිපත් කරන ගණන් හරි ගණන් කියලා. මම මේ ඉදිරිපත් කළෙත් ලැබ් රිපෝර්ට් එකක්. එතොකොට කවුද මේ වැරදි තොරතුරු දෙන්නේ. මොකද්ද මේ වැරදි තොරතුරු දෙන අයගේ පරමාර්ථය. අපි දන්නවා මේ වැරදි තොරතුරු දීම සඳහා වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් මේ තොරතුරු වෙනස් කිරීමේ ක්‍රියාවට සම්බන්ධයි කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළ නිලධාරීයෙකුත් එකතු වෙලා තමයි මේ තොරතුරු වෙනස් කිරීම කරන්නේ. අපි යුධ හමුදාපතිතුමාටත් කියනවා ඕනේ නම් කවුද මේ ඉහළ නිලධාරීයා කියලා හොයලා බලන්න පුළුවන්. ඒ වගේම මොවුන්ගේ පරමාර්ථය තමයි මේ වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීම. නිසි දත්ත මත කොරෝනා මර්දන ව්‍යාපාරය ඉදිරියට යාම අකර්මණ්‍ය කිරීම. ඒ අනුව මේ තුන්කට්ටුව එක් පැත්තකින් ජනාධිපතිතුමා නොමඟ යනවා. අනෙක් පැත්තෙන් කොරෝනා මර්දන වැඩපිළිවෙල කඩාකප්පල් කරනවා. විපක්ෂයේ අවශ්‍යතාව ඉටු කරනවා.” යැයිද ඔහු වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී සදහන් කළේය.