ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය මත වහාම දැඩි සංචරණ සීමා හෝ ඇඳිරි නීතිය පනවමින් පියවර නොගතහොත් ලබන මාසයේ මැද වනවිට දිනකට කොවිඩ් මරණ 220 ක් සහ ආසාදිතයන් 6000ක් මෙරට තුළ වාර්තා වනු ඇති බවට අනතුරු අඟවා තිබේ.
එසේම, ලබන වසරේ ජනවාරි මාසය වනවිට කොචිඩි ආසාදිතයන් 18,000ක් පමණ මිය යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ 5 වන ස්වාධීන විශේෂඥ කණ්ඩායම් රැස්වීම පෙරේදා රැස්වූ අවස්ථාවේදී වර්තමාන කොවිඩ් -19 තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳව සකස් කළ වාර්තාවකින් මේ බව තහවුරු වී ඇත.
මේ මාසය අවසානය වන විට 50% ක් මුළුමනින්ම එන්නත් කරනු ඇතැයි උපකල්පනය කරමින් මෙම පුරෝකථනය කර ඇත.
ඒ අනුව, සංචරණ සීමා කිරීම්වල වර්තමාන මට්ටමට දිගටම පැවතියහොත්, සැප්තැම්බර් මැද භාගය දක්වා දිනකට කොවිඩ් ආසාදිතයන් 6,000 ක් දක්වා ඉහළ යනු ඇත. ඔක්තෝබර් මස මුල වනවිට දිනකට කොවිඩ් මරණ 220 ක් පමණ ඉහළ යනු ඇත. ඔක්තෝබර් මස මුලදී 275 දෙනකුට පමණ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වීමට සිදුවනු ඇත. 2022 ජනවාරි වන විට මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 30,000 ක් පමණ වනු ඇත. නමුත් එම ආකෘතියෙන් උපකල්පනය කර ඇත්තේ නියමිත එන්නත් ආවරණය අප තවමත් ලබාගෙන නැති හෙයින්, විය හැකි අවම තක්සේරුව බව සළකන ලෙස එහි දක්වා ඇත.
සංචරණ සීමා සති 4 ක් දැඩි කළහොත් (2021 මැයි සිට ජූනි දක්වා පැවතියා සේ) 2021 ඔක්තෝබර් වන විට, දිනකට ආසාදිතයන් 1,000 ක් පමණ දක්වා අඩු සංඛ්‍යාවක්, දිනකට 25 කට අඩු මරණ සංඛ්‍යාවක් සහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ආසාදිතයන් දිනකට 25 වඩා අඩු වනු ඇත. ඒ අනුව 2022 ජනවාරි වන විට මරණ 18,000 ක් වළක්වා ගත හැකි බව එහි දක්වා තිබේ.
මේ අනුව තත්ත්වය වළක්වා ගැනීමට පහත නිර්දේශ එහි ඉදිරිපත් කර තිබේ.
- පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් සංචරණ සීමා පනවමින් සංචරණ සීමා දැඩි කිරීම.
- කෙටි කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවීම්.
- සියලුම් මහජන උත්සව සති 3කට තහනම් කිරීම.
- මහජන ඒකරාශි වීම්/ පොදු රැස්වීම් වැළැක්වීම.
- අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි බාධා කිරීම් අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීම සහ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩි කිරීම.
- ජනතාව යාවත්කාලීන කිරීම, ඵලදායී සන්නිවේදන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුවත් කිරීම්
- ආසාදිතයන් හා මරණ දත්ත නිවැරදිව ලබාදීම්.
- වයස අවුරුදු 60 ට වැඩි සහ රෝගී වූවන් සඳහා එන්නත් ලබා දීමට ප්‍රමුඛතාවය දීමෙනි.
ලෝක සෞඛ්‍යා සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් , ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ SEAR සහ ශ්‍රී ලංකා කාර්යාලය සමඟ එක්ව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරීන්, වසංගත රෝග විද්‍යා ඒකක දත්ත උපයෝගී කරගනිමින්, වාර්තාගත ආසාදිතතයන් සහ මරණ පිළිබඳව ඉදිරි තත්ත්වය පිළිබද අනාවැකි පළ කර ඇත.මෙම වාර්තාව සකස් කිරිම් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයන් 50 දෙනකු පමණ සහභාගි වී ඇත. පාලිත අබේකෝන්, නිහාල් අබේසිංහ, රජිව් ද සිල්වා, ලක්කුමාරි ප්‍රනාන්දු, පද්මා ගුණරත්න, ආනන්ද විජේවික්‍රම යන විශේෂඥ වෛද්‍යවරුන් ඊට ඇතුළත් වන අතර අසිත ද සිල්වා, රජිවී ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනි මෙන්ඩිස්, මලික් පීරිස්, මංජු විරසිංහ යන මහාචාර්යචරුන්ද මේම් චාර්තාව සකස් කිරීම්ට එක්වී තිබේ.