ශ්‍රී ලංකාව පැමිණ සිටින්නේ කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාව බවට පෙනී යන බැවින් දැඩි ඇඳිරිනීති ක්‍රියාමාර්ගයකට යොමුවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ට ඉල්ලීමක් කර තිබේ.
පවතින තත්ත්වය සුළු කොට නොතකන ලෙසත් මේ අවස්ථාවේදී මරණ බිය හා රෝගයට ගොදුරු වීමේ ඇති බිය නිසා ජනනාව පත්වී ඇති අසරණ නන්න්වය යම් තරමකට හෝ සමනය කිරීම අනිකුන් ආර්ථික ප්‍රශ්න විසඳීමට අවශ්‍ය, ප්‍රධානම කාරණය වන බව සිය විශ්වාසය බව ඔවුහු අවධාරණය කරති.
එම සංගමය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
“අප සිටින්නේ කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාව අබියසද ?
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍යා අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමන් පැමිණ ඇත. එපමණක් නොව මෘත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇත. මෙය රජයේ මෙන්ම පුද්ගලික වෛද්‍ය සේවාවන් වලට ද එකසේ බලපා ඇත. දිනපතා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර මේ දිනවල අප ලෝකයේ ඉහළ ම කොවිඩ් 19 මරණ අනුපාතයන් චාර්තා කරමින් පවතී. රෝගීන් සංඛ්‍යාව මෙන්ම විශේෂයෙන්ම ඔක්සිජන් අවශ්‍ය වචන රොගීන් සංඛ්‍යාව ඉතා දැඩි ලෙස ඉහළ යමින් පවතින මේ මොහොතේ අපට හැඟෙන්නේ ප්‍රතිකාර කිරීමේ පහසුකම් එහි උච්චතම අදියරට පැමිණ ඇති බවයි.
කොරෝනා රොගීන්ට ප්රනිකාර කිරීම සඳහා පහසුකම් සැපයීමට අපට සිදුවී ඇන්නේ අනෙකුන් රොගීන්ට ප්‍රතිකාර කිරීමේ ඇති හැකියාවන් සීමා කොට එම පහසුකම්ද කොරෝනා රොගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කර දීමෙනි. මේ නිසා රෝගීන්ට අවශ්‍ය ඇඳන් ඔක්සිජන් මෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනිකුත් පුහුණු කාර්ය මණ්ඩලය සීමාසහිත නිසා තව දින කිහිපයකින් රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලිය. මේ තත්ත්ව යටතේ කොරෝනා රෝගීන් මෙන්ම කොරෝනා නොවන අනිකුත් ප්‍රතිකාර කළ හැකි රෝගීන්ගේ ජීවිත අවදානම අපට වැළැක්විය නොහැකි තත්වයක් උදාවෙමින් පවතී.
එමෙන්ම මාත්‍රා දෙකක් ලබාදී සති දෙකක් අවසන් වීම මගින් සංඛ්‍යාත්මක ලෙසින් එන්නත්කරණය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙන ජනගහන ඉලක්කය කරා ළගාවීමට නව දෙතුන් මසක් පමණ ගත වන බව අපගේ විශ්වාසයයි. මෙහිදී මෙම කාලය ලභා වන තුරු තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා දැඩි ලෙස පැනවීම අපට ඇනි ප්‍රධානම අවිය ලෙස මෙහිදී සැලකිය යුතු බව අපගේ හැගීමයි.
එම කරුණු සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍ය සංගමය ලෙස අප ඉල්ලා සිටින්නේ සංචරණ සීමා ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ඉතා ඉක්මනින් කල් නොමරා කළ යුතු අතර එසේ නොකර සිටීම සුළුකොට නොතැකිය යුතු බවයි.
එසේ කිරීම මගින් අප බලාපොරොත්තු වන්නේ දැනට උච්ඡතම අවස්ථාවට පැමිණ ඇති ප්‍රතිකාර කිරීමේ හැකියාව (රෝගීන් ප්‍රමාණයේ සුළු හෝ අඩුවකින්) යම්කිසි තරමකට හොඳ තන්ත්වයකට පන් වනු ඇති බවයි. මෙමගින් ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නියැලී ඇති සියලුම කාර්ය මණ්ඩලවලට යම්කිසි තාවකාලික හෝ සහනයක් ලබා දීමට හැකි අතර එය ලබා දීම අන්‍යවශ්‍ය බව අපගේ හැගීමයි. නිදහස්, නිර්දේශපාලනික වෘත්තීයමය සංගමයක් ලෙස මෙන්ම රටේ සෞඛාා පවන්වා ගෙන යාම සඳහා වගකියන ව්ශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලෙස රට මුහුණ පා ඇති මේ දරුණු අවස්ථාවේදී එහි ඇති බරපතල බව බලධාරීන්ට පෙන්වා දීම අපගේ පරම යුතුකමක් බව අපගේ හැගීමයි.
සංචරණ සීමා ප්‍රතිඵල දායි වීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්ත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි. රටේ ආර්ථිකය බිඳ වැටී ඇති මෙවන් අවස්ථාවක දෛනික වැටුප් වලින් ජීවන්වන්නන් ගේ ජීවිත වැටි ඇති අසරණ නත්න්වය ගැන සැලකීම හා රටක් ලෙස ආර්ථිකය ඉහළ නැංවීමේ රජයේ අවශ්‍යතාව අපට ඉනා පැහැදිලි ය. කෙසේ නමුදු මේ අවස්ථාවේදී මරණ බිය හා රෝගයට ගොදුරු වීමේ ඇති බිය
නිසා ජනනාව පත්වී ඇති අසරණ නන්න්වය යම් තරමකට හෝ සමනය කිරීම අනිකුන් ආර්ථික ප්‍රශ්න විසඳීමට අවශ්‍ය, ප්‍රධානම කාරණය වන බව අපගේ හැගීමයි.
එම නිසා අප විසින් රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ කොරෝනා පාලනය සඳහා අවශ්‍ය නීතිමය මෙන්ම අනිකුත් දැඩි ක්‍රියාමාර්ග ගැන රෝගීන් ප්‍රමාණය මෙන්ම මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින මේ අවස්ථාවේ නැවත සිතා බලන ලෙසයි.
නවද, දැනට අප රටේ පවතින කෝඩ් 19 එන්නන් වැඩපිළිවෙල ලෝකයේ පවතින ඉතා කාර්යක්ෂම එන්නන් වැඩපිළිවෙලක් වුවත්, එමගින් මේ මොහොතේ පවතින ව්‍යසනකාරී තත්ත්වයට බලපෑමක් එල්ල නොවන බව අපි අවධාරණය කරමු.
ස්තුතියි.
විශේෂඥ වෛද්‍ය ඥාණසේකරම්
ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු
සභාපති
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය