තවත්
    මුල් පිටුවCOVIDජාතික මෙහෙවර නිහඬව ඉටුකරන ශ්‍රීලංකන්

    ජාතික මෙහෙවර නිහඬව ඉටුකරන ශ්‍රීලංකන්

    ජාතික ගුවන් සේවය යනු රටට සම්පතකි. තවත් පැත්තකින් රටේ අභිමානය කියාපන ප්‍රධාන සළකුණකි. රට ලොව හමුවට ගෙන යන ජාතික ගුවන් සේවයට ලොවක් රට හමුවේ වසඟ කිරීමට හැකි ය. ඒ නිසා සෑම අතින්ම අපේ ජාතික ගුවන් සේවය යනු රැක ගත යුතු අමිල සම්පතකි.

    අපි දන්නා පරිදි කලින් කලට ත්‍රස්තවාදී උවදුරුවල පටන් විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑවේ වුවද ශ්‍රී ලංකන් ගුවන් සේවය එම අභියෝග ජය ගැනීමට එකාවන්ව එක්රොක් වූහ. වැඩි අතීතයට නොගොස් මෑත කාලීන උදාහරණයම ඊට බොහෝ සාක්ෂි සපයයි.

    කිසිවෙකුත් නොසිතූ පරිදි කොවිඩ් වසංගතය මුළු ලොවම වෙලා ගන්නේ අනපේක්ෂිත අයුරිනි. එහි දරුණු බව පාලනය කිරීමට එන්නත සොයාගැනීමට පෙර සිට සියලු දෙනා සබඳතා සීමා කිරීමටත්, රටවල් අගුලු දැමීමටත් පටන් ගත්තේය.

    එවන් තත්ත්වයක් තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයට පැවති අභියෝගයන් දෙගුණ තෙගුණ විය. වාසනාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවර ශ්‍රීලංකන් ගුවන් සේවයට සුදුසු සභාපතිවරයකු පත්කර තිබුණේය.

    විශ්වාසය මත ඕනෑම අභියෝගයක් භාරගන්නකු ලෙස ප්‍රකට අශෝක් පතිරගේ, රටේ නම ව්‍යාපාරිකයකු ලෙස ලොව ඉදිරියේ ඉහළින්ම ලියා තැබුවෙකි. එසේ නොවන්නට ලෝකයම අගුලු වැටී, කිසිවක් කරකියා ගත නොහැකි වටපිටාවක, හිස්ව තිබෙන අහස දෙස බලා සුසුම් හෙලනු විනා, වෙන යමක් ඉතිරි නොවේ.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා

    වෙනදා නම් සිදුවන්නේ දවස ගානේ ශ්‍රීලන්කන් පාඩු පිට පාඩු යැයි ප්‍රවෘත්ති මවමින් උඩ බලාගෙන කෙළ ගැසීමය. ඒ කිසිවකට මුල් තැන නොදී ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය එක ශක්තිමත් බැම්මක තබා ගෙන කොවිඩ් අභියෝගයට මුහුණ දීමට සභාපතිවරයා ඇතුළු ඊට දහඩිය මහන්සිය වගුරන සියලු දෙනාගේ කැපවීම් බලා සිටීම ද ආශ්වාදයකි.

    වූහාන්වල සිරවූ ශ්‍රී ලාංකික සිසුන් කොවිඩ් මාරයාගෙන් මුදාගෙන මෙරටට නිරුපද්‍රිතව ගෙන ඒමට කොවිඩ් මරු කටට යෑමට තරම් නිර්භීත ගුවන් නියමුවන් ඇතුළු ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය මෙහිලා සිහිපත් වන්නේ නිරායාසයෙනි.

    • flight to wuhan sri lankan

    ඔවුන් සිය දරු පවුල් ජීවිත පරදුවට තබා අභියෝගයට මුහුණ දීමේ ශක්තිය රටේ අනෙකුත් ජනතාවට ද උත්තේජනය කළේය. ජනතාව පැතූ ජාතිකත්වය සැබෑ ලෙස විද්‍යාමාන වූයේ ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලයේ ක්‍රීයා කාරීත්වය අනුවය.

    අපි දන්නවා මේක අවදානම් කියලා. නමුත් අපට අපේ ආදරණීයන් ලෝකයේ කොහේ හෝ තැනක තනිකර මෙහි සතුටින් ඉඳලා වැඩක් නැහැ. යැයි එකල ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමාජිකයකු කීවා මතකය. විසි හතර පැයේ නිද නොලබා අපි ඔබ වෙනුවෙන් කැපවන්නේ එය රැකියාවකට සීමා කර නෙමෙයි යැයි ගුවන් සේවිකාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනෙකුත් කාර්ය මණ්ඩල ද ඒ සටනට එක්කාසු නොවන්න රටක් හමුවේ පැවති අභියෝග ජය ගැනීම ඉතා දුෂ්කර වනවා නොඅනුමානය. නමුත් ඉන් නොනැවතුණු ශ්‍රී ලංකන් ගුවන් සේවය හැකි සෑම විටම මගී හා භාණ්ඩ සේවා රටේ අවශ්‍යතාව අඛණ්ඩව සපයමින් සිටියි. එහි නවතම මානුෂීය මෙහෙයුම එන්නත් තොග පිටින් ශ්‍රී ලංකාවට ගෙන පියාසර කිරීමේ ක්‍රියාවලියයි.

    • vaccine
    • vaccine

    නිහඬ සේවයක නිරතවන ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය 07 වැනිදා චීනයේ සිට ගෙන ආ විශාලතම එන්නත් තොගය මෙරටට රැගෙන ආවේය. බීජිං සිට ගෙන ආ එම සයිනොෆාම් එන්නත් තොගයේ එන්නත් මාත්‍රා මිලියන 4 ක් තිබිණි.

    ශ්‍රීලංකන් ගුවන් සේවට අයත් UL 1869 , UL865 සහ UL869 දරණ විශේෂ ගුවන් භාණ්ඩ යානා මගින් මෙම එන්නත් තොගය කටුනායකට ගෙනාවේය. මේ සමඟ පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රීලන්කන් ගුවන් සේවය සයිනොෆාම් එන්නත් මිලියන 16.3 ක් සඳහා ගුවන් පහසුකම් ලබා දී තිබීම විශේෂත්වයකි.

    එය ලොව ඉදිරියේ එන්නත්කරණයෙන් පෙරට ඒමට ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මුළු මහත් රජයටම ලබා දුන් ශක්තියකි. තවත් පැත්තකින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට දැක්වූ විශිෂ්ට දායකත්වයකි.ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලු දෙනා එක්ව ඉටු කරන මෙම කාර්ය භාරය රටේ ජනතා ඇගයීමට පත්වනවා නොඅනුමානය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img