Home දේශීය පුවත් පාසල් ඇරඹීම අවිනිශ්චිතයි! – අධ්‍යාපන ඇමති

පාසල් ඇරඹීම අවිනිශ්චිතයි! – අධ්‍යාපන ඇමති

පාසල් ඇරඹීම අවිනිශ්චිතයි! – අධ්‍යාපන ඇමති

සැප්තැම්බර් මුල දී පාසල් ඇරඹීමට කලින් සිතා සිටියත් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව එය අවිනිශ්තයැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

රජයට පාසල් ආරම්භ කිරීමට පැහැදිළි වැඩපිලිවෙලක් තිබුණා. සෞඛ්‍ය නිර්දේශවලට අනුව විධිමත් වැඩපිළිවෙලක් අප සකස් කර තිබුණා. අපේ සැළැස්ම තිබුණේ අගෝස්තු මාසේ අවසන්වීමට පෙර සියලුම ගුරුවරුන්ට හා අනධ්‍යන කාර්යය මණ්ඩලවලට දෙවැනි මාත්‍රාව ලබාදීම. ඒ අනුව සැප්තැම්බර් පළමුවැනි සතියේ සිට පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අප සැළසමුම් කළා. දැන් තියෙන සේඛ්‍ය තත්ත්වය අනුව එය අවිනිශ්චිතයි.

එවන් තත්ත්වයක් තුළ මාර්ගගත අධ්‍යාපනය ඉතා වැදගත් වෙනවා. මාර්ගගත අධ්‍යාපනය ශක්තිමත් කිරීම ඉතාම වැදගත් වන්නේ සමාජයේ වරප්‍රසාද නොමැති දරුවන් සඳහායි. ගුරුවරුන් මාර්ගගත අධ්‍යාපනයෙනුත් ඉවත්වීමෙන් කාගෙන්ද පලිගන්නෙ ? සමාජ සාධාරණත්වය පිළිබඳ මෙමගින් විශාල ගැටලුවක් ඇතිව තිබෙන බව සක් සුදක් සේ පැහැදිලියි.

2020 සාමාන්‍ය පෙළ විභාගයට දරුවන් හය ලක්ෂ විසි දෙදහසක් පෙනී සිටියා. ඉන් එක්ලක්ෂ හැට නව දහසක් සෞන්දර්ය විෂය තෝරාගෙන තිබුණා. කොවිඩ්-19 නිසා එහි ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්න බැරිවුණා. ඒ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වලා ප්‍රතිඵල හැකිතාක් ඉක්මනින් නිකුත් කිරීමට අපි වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. වෘත්තිය සමිති කියනවා ඒකෙනුත් අයින් වෙනවා කියලා. එහෙම වුණොත් අර හයලක්ෂ විසි දෙදහසේම ප්‍රතිඵල නිකුත් කරන්න බැරිව යනවා යැයි කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here