තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයසිරිකොත රත්වෙයි - වෘත්තීය සමිති නායකයෝ රනිල්ට දෙහි කපති

    සිරිකොත රත්වෙයි – වෘත්තීය සමිති නායකයෝ රනිල්ට දෙහි කපති

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

    ජාතික සේවක සංගමය ඇතුළු එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති නායකයින් එහි සාකච්ඡාවට පැමිණ සිටි අතර රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කෙටියෙන් අදහස් දැක්වීමක් කර තිබේ.

    මෙහිදී වෘත්තීය සමිති නායකයින් සිය ගැටලු ඉදිරිපත් කිරීමට සූදානම් වන විට රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානයෙන් පිටව යෑමට සූදානම් වීමත් සමඟ එහි දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

    ඊට පක්ෂ උපනායක රවී කරුණානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.

    අනතුරුව තත්ත්වය පාලනය කිරීමට පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක පාලිත රංගේ බණ්ඩාර මහතා උත්සහ කළද එයද ව්‍යර්ථ විය.

    මෙම හමුවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති නායකයින් විසින් පක්ෂ නායකත්වය දැඩි දෝෂ දර්ශනයට ලක්කළ අතර පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදීද රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ ආවේගශීලිව විවේචනය කරනු දැකගත හැකිවිය.

    පැවති උණුසුම් වාතාවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද පැවැත්වුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img