තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් ඉවරයි - කිරිපිටි හිඟයි - විසඳුම් ලබන සතියේ

    ගෑස් ඉවරයි – කිරිපිටි හිඟයි – විසඳුම් ලබන සතියේ

    ලාෆ් ගෑස් සමාගම මුහුණපා ඇති ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර යම් එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    “මුදල් අමාත්‍යාංශයත් රජයේ ගෑස් සමාගමත් ලබන සතියේ වැඩපිළිවෙලක් යොදනවා. අලුතින් ලිට්‍රෝ ගන්න ඕනේ නෑ. ලාෆ් ගෑස් සමාගමට යම්කිසි ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න උත්සහ දරනවා” යැයි අමාත්‍යවරයා කීය.

    පවතින ගෑස් හිඟය සඳහා රජයත් සමඟ සාකච්ඡා කර සමාගම් දෙකම එක්ව ගෑස් යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති කේ.එව් වෑගපිටිය පවසා ඇත.

    ඊට මහ බැංකුව සමඟ සාකච්ඡා කර ණයවර ලිපි හරහා යම් ඩොලර් ප්‍රමාණයක් ලබාදීමට එකඟතාවයකට පැමිණ ඇති බවද වාර්තා වේ.

    ඕනෑම රටක ගෑස් වෙළඳාමේ යෙදෙන සමාගම් වෙනත් සමාගම්වල ගෑස් සිලින්ඩර පිරවීමක් සිදු නොකරන බවද ලාෆ් ගෑස් සමාගමේ සභාපති කේ.එව් වෑගපිටිය පවසයි.

    ගෑස් හිඟයට බලපෑ ප්‍රධානතම සාධකය වී ඇත්තේ පසුගිය වසර එකහමාර තුළ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අස්වාභාවික ලෙස වැඩිවීම හා මිලට ගන්නා ගෑස් මිලට සාපේක්ෂව මෙරට විකිණීම කළ නොහැකිවීමය.

    මේ අතර මෙරට වෙළඳපොළේ මතතුව ඇති කිරිපිටි හිඟයට විසඳුමක් ලෙස රටට අවශ්‍ය ප්‍රමාණයට මිල්කෝ සමාගම විසින් කිරිපිටිි මෙරට තුළ නිෂ්පාදනය කරන බව පවසා තිබේ.

    එම සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, එම ආයතනය ප්‍රමාණවත් තරම් කිරිපිටි නිෂ්පාදනය කරන බවය.

    කිරිපිටි සමාගම් විශාල වශයෙන් මිල ඉහළ දැමීමට ඉල්ලා සිටිය ද එවැනි මිල ඉහළ දැමීමක් රජයට මේ මොහොතේ සිදුකළ නොහැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img