තවත්
    මුල් පිටුවspecialබල මහ පින ඔද තෙද වැඩු නැදුන්ගමුවේ රාජා

    බල මහ පින ඔද තෙද වැඩු නැදුන්ගමුවේ රාජා

    ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පූජෝපාහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතියි. මෙවරත් ඒ භාග්‍ය හිමිකරගෙන ඇත්තේ නැදුන්ගමුවේ රාජා හස්තියාය. දළදා පෙරහැරේ සධාතුක කරඩුව දස වාරයකටත් වඩා වැඩමවා ඇති රාජා ඒ වෙනුවෙන් වැලිවේරියේ සිට මහනුවර බලා ගමන් කරන්නේ පා ගමිනින්ය. ජාතික වස්තුවක් සේ මේ වන විට සලකන නැදුන්ගමුවේ රාජා මෙවරත් සුපුරුදු ලෙස වැලිවේරියේ සිට මහනුවර බගලා මේ වන විට ගමන් ආරම්භකර හමාරය.

    වෙනදාට දින 05 ක් වැනි කාලයකින් නැදුන්ගමුවේ රාජා මහනුවර බලා ගමන් ගත්තද මෙවර දින 10 ක් ඒ සදහා වෙන්කර ඇත. ඒ රාජා දැන් අවුරුදු 65 ක් පමණ වයසක පසුවන බැවිනි. මග දෙපස ජනතාවගේ වැදුම් පිදුම්වලටද ලක්වන රාජා මහනුවර බලා ගමන් කරන විට ආරක්ෂාවට යුද හමුදාවෙ හෝ පොලීසිය ගමන් කරනු දකින්නට ලැබෙයි. මෙවර රාජාගේ ආරක්ෂාවට යොදවා සිටින්නේ සන්නද්ධ විශේෂ කාර්ය බලකා සෙබලුන්ය. මෙසේ රාජාට ආරක්ෂාවක් සපයන්නේ වරක් රාජා ගමන් කිරීම්දී වාහනයක ගැටී තිබීම නිසාය.

    බුදුන් උපන් දේශයේ උපත ලද රාජා දී මෙරටට නැව් මගින් පැමිණ ඇත්තේ වසර පහක් තරම්වූ කුඩා ඇත් පැටවකු ලෙසිනි. නැඳුන්ගමුවේ රාජා සමඟ ඉන්දියාවේ සිට පැමිණ එකම දින ලක්දිවට ගොඩබට නවම්රාජා දැන් මෙළොව හැරගොසිනි. රාජා දළදා පෙරහරට මුලින්ම සම්බන්ධවන්නේ 2005 වසරේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img