රට කිසිඳු අයුරකින් වසා දැමීමක් සිදු නොකරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නමුත් පවතින තත්ත්වය මත ඇතැම් තහනම් පැනවීමට අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කාර්ය සාධක බළකාය රැස්වූ අවස්ථාවේදී තීරණය කර ඇත.
මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති බව හෙතෙම කියාසිටී.
ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කෙරෙන අතර උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150 කි.
එසේම උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරිම සංඛ්‍යාව 100 ක් පමණයි.
අවමංගල්‍ය උත්සවයකට සහභාගී වන සංඛ්‍යාව 25 කට සීමා කෙරේ.
සියලුම රාජ්‍ය කටයුතු සැප්තැම්බර් 01 දා දක්වා කල් දමා ඇත.
සියලුම රාජ්‍ය සේවකයින් කැඳවා තිබූ චක්‍ර ලේඛනය ආපසු හරවා, සේවයට වාර්තා කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කරන ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටි.