Home උණුසුම් පුවත් රුපියල් 75000 කට වහවැටී සිව්දරු මව මරා ගෝනියක හංගලා

රුපියල් 75000 කට වහවැටී සිව්දරු මව මරා ගෝනියක හංගලා

0
රුපියල් 75000 කට වහවැටී සිව්දරු මව මරා ගෝනියක හංගලා

ත්‍රීරෝද රථයකින් බැංකුවට යමින් සිටි සිව්දරු මවක් ඝාතනයකර රුපියල් 75000 ක මුදලක් කොල්ලකා මළ සිරුර ගෝනියක දමා විසිතුරු මසුන් අලෙවි ස්ථානයක සැගවූ ත්‍රී රෝද රථ රියදුරෙක්වාලච්චේන පොලීසිය විසින් කළ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

පනස් පස් වියැති එම කාන්තාව වාලච්චේනේ පදිංචිකාරියකි. ඇය පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටින්නෙක් බව පොලීසියට තොරතුරු ලැබී ඇත. එම කාන්තාව ඊයේ උදෑසන අසල්වැසි නිවසක ජීවත්වන ත්‍රීරෝද රථ රියදුරෙක් සමග රුපියල් 75000 මුදලක් බැංකු ගත කිරීමට නිවසින් පිටත්ව ගොස් තිබේ. දහවල් වන තුරුම ඇය නිවසට නොපැමිණීම නිසා ඇගේ සැමියා සහ දරුවන් ඒ පිළිබදව ත්‍රී රෝද රථ රියදුරුගෙන් විමසීමේ ඔහු සදහන් කර ඇත්තේ අතර මගින් ඇය බැස ගිය බවකි. ඒ ගැන සැමියා සහ දරුවන් වාලච්චේන පොලීසියට දැනුම් දීමත් සමග පොලීසිය බැංකුවට ගොස් කළ සොයා බැලීමකදී පෙනී යන්නේ ඇය බැංකුවට පැමිණ නැති බවකි. ඒ අනුව ත්‍රී රෝද රථ රියදුරුව පොලිස් භාරයට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ ඔහුට අයත් ඔඩ්ඩමාවඩි පිහිටි විසිතුරු මසුන් අලෙවි ස්ථානයකට ඇයව රැගෙන ගොස් ගෙල මිරිකා ඝාතනයකර මුදල් කොල්ල කෑ බවයි. අනතුරුව ඇගේ මළ සිරුර පොහොර ගෝනියක බහා පොහොර මිටියක්ද සමග වාලච්චේනට රැගෙන ගොස් මිතුරෙකුගේ විසිතුරු මසුන් සහ ඇළුමේනියම් භාණ්ඩ අලෙවි ස්ථානයක තැබූ බවය. මළ සිරුර රාත්‍රී කාලයේදී ඈතකට ගොස් විසිකිරීම සදහා එසේ සගවා තැබූ බවද ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර ඇත.

ඒ අතර විසිතුරු මසුන් අලෙවි ස්ථානයේ හිමිකරුටද මෙම ගෝනි දෙක ගැන ඇතිවූ සැකයක් මත වාලච්චේන පොලීසියට ඒ බව දැනුම් දී තිබේ. ඒ වන විට පොලීසිය සියල්ල හෙළිකරගෙන තිබුණු බැවින් එම ස්ථානයට ගොස් මහේස්ත්‍රාත්වරයාද කැදවා මළ සිරුර වාලච්චේන රෝහලට රැගෙන ගොස් ඇත. අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ, වාලච්චේන සහකාර පොලිස් අධිකාරී ජී.එස්.ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙසින් වාලච්ච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනංජය පෙරමුණ මහතා ඇතුළු නිලදාරීන් කණ්ඩායමක් විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here