තවත්
    මුල් පිටුවදේශීය පුවත්බේකරි ලොරියේ රියදුරාගෙන් කෝට්ටේ නගරාධිපතිගේ හිසට පොලු පහරක්

    බේකරි ලොරියේ රියදුරාගෙන් කෝට්ටේ නගරාධිපතිගේ හිසට පොලු පහරක්

    කොට්ටේ මහ නගර සභාවේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් මහතාට පිටකෝට්ටේ අම්බලම ප්‍රදේශයේදී එල්ලවුණු පොලු පහරකින් තුවාල ලබා නාරාහේන්පිට පිහිටි පුද්ගලික රොහලකට ඇතුලත්කර තිබේ.

    ඊයේ මෙම ප්‍රහාරය ඔහුට එල්ලවී ඇති අතර හිසට මැහුම් 04 ක් දමා ඇතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මිරිහාන පොලීසිය සදහන් කරයි.

    නගරාධිපතිවරයා සිට පුතා සහ රියදුරු සමග අම්බලම ප්‍රදේශයේ පිහිටි බේකරිවකට පාන් මිලදී ගැනීමට ගොස් සිටියදී මෙම සිදුවීම වී ඇති බව කියයි. බේකරියට ගමන් කරන අතුරු මාර්ගය අවහිර වන සේ නගරාධිපතිවරයා ගමන් කළ වාහනය නතරකර රියදුරා බේකරියට ගොස් ඇති බව පොලීසිය කියයි. එම අවස්ථාවේදී බේකරියේ ලොරි රථයක් පැමිණ ඇති බවත් ලොරි රථයේ රියදුරු මදවේලාවක් නලාව නාදකර නගරාධිපතිවරයාගේ වාහනය එම ස්ථානයෙන් ඉවත්කර තිබෙන බවත් පොලීසිය කියයි. ලොරි රථය අතුරු මාර්ගය ඔස්සේ බේකරියට ගිය පසු නගරාධිපතිවරයා වාහනයෙන් බැස ලොරි රථයේ රියදුරු සොයා බේකරිය වෙත ගොස් ලොරි රථයේ රියදුරු සහ සහයකයා සමග බහින්බස් ළුී ඇති බවත් එම අවස්ථාවේදී ලොරි රියදුරා පොලිලක් අතට ගෙන නගරාධිපතිවරයාගේ හිසට පහරදී ඇති බවත් පොලීසිය කියයි.

    එම පහරදීම සම්බන්ධයෙන් රියදුරාත් සහයකයාත් අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණයට ඉදිරිපත්කර හදුනා ගැනීමේ පෙරට්ටුවක් දක්වා ඔවුන් දෙදෙනාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. නගරාධිපතිවරයාගේ තත්වය බරපතල නොවන බවද පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img