නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාර්ගය ද අවහිරවන සේ පැවති උද්ඝෝෂණයක සාමාජිකයන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරු ඇතුළු සැකකරුවන් කිසිවෙකුත් කොවිඩ් ආසාදිතයන් නොවන බව තහවුරුවී තිබේ.
ඒ අය සම්බන්ධයෙන් කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඒ බව තහවුරුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
ගුරුවරියන් 16 දෙනෙක්ද ගුරුවරුන් 22 දෙනෙක්ද ඒ අය සමග පැමිණි 06 දෙනෙක්ද අත්අඩංගුවට ගත් අය අතර සිටිති. අද දින ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේ්‍ය.