කලහාකාරී ලෙස හැසිරෙමින් ප්‍රධාන මාර්ගය අවහිර කර ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී විරෝධතා දක්වමින් සිටියදී අත්අඩංගුවට ගත් ගුරු විදුහල්පතිවරුන් සියලු දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සංඛ්‍යාව මේ වනවිට 44 දක්වා ඉහළ ගොස් තිබේ.
ඔවුන්ගෙන් 16ක් ගුරුවරියන් වන අතර 4 දෙනකු පිටස්තර පුද්ගලයන් ය.
වැටුප් ගැටළුවක් මුල්කරගෙන ගුරු- විදුහල්පතිවරුන් විසින් ජනාධිපති ලේකම්කාර්යාලය ඉදිරිපිට අද පැවැති උද්ඝෝෂණයෙන් අනතුරුව ගුරුවරුන් 42 දෙදෙනක් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.
එම උද්ඝෝසණයට සම්බන්ධව සිටි පිරිස් පාලනයට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා තිබූ අතර එහිදී ඔවුන් කළහකාරි ලෙස හැසිරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.