තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය පාලනයට ගිය මහරගම OICට බරපතලයි

    කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය පාලනයට ගිය මහරගම OICට බරපතලයි

    කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ ඊයේ (03) පැවති උද්ඝෝෂණය අතරතුර දී එය පාලනය කිරීමේ කටයුතුවල නිරතව සිටි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    කොළඹ ජාතික රෝහලට මුලින්ම ඇතුලත් කළ ඔහු පසුව පුද්ගලික රෝහලකට මාරු කර යවා තිබේ. එහිදී ඔහු ශල්‍ය කර්මයකට පවා ලක්කර ඇත.

    පොලීසියේ අවවාද නොතකා පාර්ලිමේන්තුව දෙසට උද්ඝෝෂකයන් ගමන් ගන්නා අවස්ථාවේදී එය වලක්වන්න පොලීසිය දැඩි උත්සහයක නිරත වුනා. ඒ අවස්ථාවේදී උද්ඝෝෂකයන් බාධක බිදගෙන ඉදිරියට පැමිණි අවස්ථාවේදී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා බරපතල ලෙස තුවාල ලබා ඇති බව අජිත් රෝහණ මහතා සදහන් කරයි.

    බාධක ලෙස යොදන ලද යකඩ වැට උද්ඝෝෂකයන් පෙරලන විට ඊට ස්ථානාධිපතිවරයාගේ අතක් සිරවී ඇගිලි දෙකකට හානි සිදුව තිබෙන බව සදහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img