Home උණුසුම් පුවත් ගිම්හාන නිවාඩුවට මෙරට එන රුසියානුවන්ට ශ්‍රීලංකන් වෙතින් Buy one & get one free

ගිම්හාන නිවාඩුවට මෙරට එන රුසියානුවන්ට ශ්‍රීලංකන් වෙතින් Buy one & get one free

ගිම්හාන නිවාඩුවට මෙරට එන රුසියානුවන්ට ශ්‍රීලංකන් වෙතින් Buy one & get one free

මෙම ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන රුසියානුවන් සඳහා “buy one and get one free” විශේෂ දීමනාවක් ශ්‍රීලංකන් ගුවන් සේවය හඳුන්වා දී තිබේ. මෙම දීමනාව 2021 ඔක්තෝබර් මස 31 දක්වා වලංගු වේ.

සංචාරක රෙගුලාසි ලිහිල් කිරීමෙන් පසු රුසියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ඇති ආකර්ෂණීය ස්ථාන රාශියක් ගවේෂණය කිරීමට මෙම විශේෂ දීමනාව මගින් ඉඩ සැලසෙයි.

වට්ටම් සහිත ගුවන් ටිකට් පත් සහ ශ්‍රී ලංකාවේ සංචාරක හවුල්කරුවන් විසින් පිරිනමන විශේෂ දීමනා ලබාගනිමින් සිය නිවාඩු ගතකිරීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීමට රුසියානු සංචාරකයින්ට අවස්ථාව ඇත.

රුසියානු නිවාඩු ගත කරන්නන් අතර ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ප්‍රවර්ධන හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මොස්කව්හි දී මෙම නිවේදනය නිකුත් කරන ලදී.

මෙම තීරණය ගනු ලැබුවේ මොස්කව්හි දී දේශීය සංචාරක හවුල්කරුවන් සහ කර්මාන්ත නායකයින් අතර පැවති සාකච්ඡාවකින් පසුවය.

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් රුසියානු අගනුවර වන මොස්කව් වෙත වසර හයකින් පසුව නැවත වරක් පසුගිය ජූලි මස 31 වන දින සෘජු ගුවන් ගමන් ආරම්භ කරන ලදී.

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය සෑම සිකුරාදා දිනකම ශ්‍රී ලංකාවේ සිට මොස්කව් බලා පියාසර කරන අතර ඉදිරි ශීත කාලය තුළදී එහි වාර ගණන වැඩි කිරීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here