Home උණුසුම් පුවත් බදියුදීන්ගේ මස්සිනා තවත් මෙහෙකාරියකට ලිංගික අතවර කරල

බදියුදීන්ගේ මස්සිනා තවත් මෙහෙකාරියකට ලිංගික අතවර කරල

0
බදියුදීන්ගේ මස්සිනා තවත් මෙහෙකාරියකට ලිංගික අතවර කරල

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ නිරතව සිටි තවත් තරුණියකට බිරිඳගේ සහෝදරයා විසින් ලිංගික අතරවර කර ඇතැයි පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

එසේම තවත් තරුණියන් කිහිප දෙනෙකුට අතවර කිරීමට ඔහු ඇස් ගසමින් ඉඟි පා ඇති බවටද පොලිස් විමර්ශනයේදී හෙළිවී තිබේ.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී අතවරයට ලක්වූ බව කියන මෙම තරුණිය 2009 සහ 2010 අතර කාලය තුළ රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ තැනැත්තියකි. ඇයද ඩයගම පදිංචිකරියකි. ඇය කැලණියේ නිවසක මේ වන විට සේවයේ නිරතව සිටින බවට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝ‍ෙගහවත්ත ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඒ බව හෙළිව තිබේ.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවිකාවන් 11 දෙනෙක් සේවයකර ඇති බව ද අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය. එම සේවිකාවන්ගෙන් තිදෙනෙක් මිය ගොස් ඇති බවත් ගිනි ගැනීමෙන් මිය යන්නේ 11 වෙනියා බවත් අජිත් රෝහණ මහතා සදහන් කළේය. තවත් එත් තරුණියත් සේවය අවසන් කිරීමෙන් අනතුරුව සියදිවි හානිකර ගෙන ඇති බවත් තෙවැන්නා පිළිකා රෝගයකින් මිය ගොස් ඇති බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here