
අංජනා මල්ලවාරච්චි
රාජ්‍ය සේවය හෙට (02) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම නිසා ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයින් හෙට සිට සාමාන්‍ය පරිදි පාසල්වලට පැමිණිය යුතු බව සඳහන් කරමින් අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ගුරුවරුන්, අනධ්‍යන සේවකයින්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සේවකයින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවවල ජේෂ්ඨ සේවකයින් හෙට සිට සාමාන්‍ය පරිදි වාර්තා කළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.