තවත්
    මුල් පිටුවදේශීය පුවත්එල්.ටී.ටී.ඊ ලාංඡන සපත්තු අපේ නෙමෙයි - නයිකි (NIKE) කියයි

    එල්.ටී.ටී.ඊ ලාංඡන සපත්තු අපේ නෙමෙයි – නයිකි (NIKE) කියයි

    සමාජ මාධ්‍යවල සංචරණය වන එල්.ටී.ටී.ඊ ලාංඡනය සහිත නයිකි (NIKE) සපත්තු යුගල සිය සමාගම විසින් නිෂ්පාදනය කළ එකක් නොවන බව නයිකි මවු සමාගම ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයට තහවුරු කර තිබේ.

    ඒ අනුව බුද්ධිමය දේපල අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් නයිකි සමාගම විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යංශයට දන්වා ඇත.

    අදාළ සපත්තු යුගලය සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර නයිකි සමාගම පවසන පරිදි අදාළ ව්‍යාජ සපත්තු යුගලය නිෂ්පාදනය කළ අය සම්බන්ධයෙන් සොයා බැලීම එහි අරමුණ වී තිබේ.

    එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය තවදුරටත් ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් නිසා අදාළ සංවිධානයේ ලාංඡන මුද්‍රා යොදා කෙරෙන ප්‍රවර්ධනයන් නීතිමය වගවීම් වලට අදාළ වේ.

    මේ සම්බන්ධයෙන් අද විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

    “සමාජ මාධ්‍යවල සංසරණය වන එල්ටීටීඊ ලාංඡනය සහිත ව්‍යාජ “නයිකි (NIKE)” සපත්තු වීඩියෝව”

    සමාජ මාධ්‍යවල සංසරණය වන “NIKE” සහ “LTTE” ලාංඡනය සහිත සපත්තු යුගලයක වීඩියෝවක් වෙත මෙම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

    වීඩියෝ පටයේ දැක්වෙන සපත්තු NIKE විසින් නිෂ්පාදනය කර නොමැති බවත්, මේ පිළිබඳව නයිකි සමාගමෙන් කරන ලද විමසීමක දී තහවුරු කර ඇත.

    බුද්ධිමය දේපල අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව සොයා බැලීමටත්, සමාගම් පරිචය අනුව සුදුසු බලාත්මක කිරීමක් සිදු කිරීමටත් විමර්ශනය කරන බව නයිකි සමාගම තවදුරටත් දැනුම් දී ඇත.

    විදේශ අමාත්‍යාංශය

    කොළඹ

    2021 ජුලි 31 වැනි දින

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img